පිටකොටුවේ වෙඩි තැබීමක් – නාගරික මන්ත්‍රීවරයෙක් මරුට

0
16

අද (09) පෙරවරු 07.45ට පමණ පිටකොටුව, ආදිවාල් වීදියට හැරෙන මංසන්ධිය අසල වෙඩි තැබීමක් සිදු ව තිබේ.

අදාළ ස්ථානයේ වු පළතුරු කඩයක් තුළ දී මෙම වෙඩි තැබීම සිදු ව ඇත.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් පළතුරු කඩයේ සිටි පුද්ගලයාට වෙඩි තබා පළා ගොස් ඇති බව පොලීසිය පවසයි.

තුවාලකරු වයස අවුරුදු 40ක් වු ක්‍රිෂ්ණපිල්ලේ තිරුබානන්දන් හෙවත් ක්‍රිෂ්ණා යන පුද්ගලයෙකු බව පොලීසිය අනාවරණය කර ගෙන තිබේ.

ඔහු කොළඹ නගර සභාවේ ස්වාධීන කණ්ඩායම් මන්ත්‍රීවරයෙකු දවන බව වාර්තා වේ.

තුවාලකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

පිටකොටුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here