පළාත් සභා මැතිවරණය ගැන කථානායකගේ ප්‍රධානත්වයෙන් අද විශේෂ සාකච්ඡාවක්

0
4

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (28) දිනයේ කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද පෙරවරු 10.00ට එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

පළාත් සභා මැතිවරණයට අදාළ සීමා නිර්ණ කමිටු වාර්තාව පිළිබඳව එහි දී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතව තිබේ.

අදාළ සීමා නිර්ණය සම්බන්ධයෙන් පවතින ගැටළු පිළිබඳව මෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පවතින බාධා පිළිබඳව එහිදී සාකච්ඡා කෙරෙණු ඇත.

එම සාකච්ඡාවට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සහ පළාත් සභා සීමා නිර්ණ කමිටුවේ සාමාජිකයින් කැඳවා ඇති බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල සඳහන් කරයි.

ඊට අමතරව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු නියොජිතයින් ද මෙම සාක්ඡාව සඳහා සහභාගීවීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here