ජනපති සහ අගමැති අතර විශේෂ හමුවක්

0
3

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර විශේෂ හමුවක් අද (23) පැවැත්වීමට නියමිත බව නීතිය සාමය හා රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කරයි.

අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී විෂයන් බෙදීම සහ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම සම්බන්ධයෙන් එහි දී සාකච්ඡා කිරීමට නියමිත බව ඔහු කියා සිටී.

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂ ව ඡන්දය ප්‍රකාශ කර ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් 06 දෙනා වෙනුවට පත් කරන අමාත්‍යවරුන් කවුරුන් ද යන්න එහි දී සාකච්ඡා කරනු ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

හෙතෙම මේ බව පැවසූවේ මොණරාගල ප්‍රදේශයේ සංචාරයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ය.

කෙසේ වෙතත් ජාතික ආණ්ඩුවේ මීළඟ කැබිනට් සංශෝධනය අදින් පසුව එළඹෙන දිනක දී සිදුකරනු ඇති බව මීට පෙර වාර්තා පළ විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here