කඹුරුපිටියේ දී පළාගිය පාතාල සාමාජිකයන් සොයා විශේෂ මෙහෙයුමක්

0
22

පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් සමග ඇති වූ වෙඩි හුවමාරුවෙන් පළා ගිය සැකකරුවන් දෙදෙනෙකු සොයා කඹුරුපිටිය, අකුරැස්ස විල්පිට රක්ෂිතයේ පොලිස් විශේෂ කාර්යය බළකාය හා පොලීසිය එක්ව මෙහෙයුමක් දියත් කර තිබේ.

පොලිස් විශේෂ කාර්යය බළකාය සමඟ ඊයේ (25)රාත්‍රී 07.45ට පමණ ඇති වූ වෙඩි හුවමාරුවක දී ප්‍රබල පාතාල කල්ලි නායකයෙකුවන මාකදුරේ මදුෂ්ගේ ප්‍රධාන ගෝලයෙකු ලෙස සැලකෙන මානෙල් රෝහණ නොහොත් තිලක් ජීවිතක්ෂය ට පත්ව ඇත.

කඹුරුපිටිය අකුරැස්ස මාර්ගයේ විල්පිට ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයක දී ත්‍රීරෝද රථයක් නවතන ලෙසට පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් විසින් අණකර ඇති අතර අදාළ ත්‍රිරෝද රථය පොලිස් අණ නොතකා ධාවනය කර තිබේ.

ඒ අනුව පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් සමග එක්ව පොලිස් නිලධාරීන් අදාළ ත්‍රිරෝද රථය හඹාගොස් තිබේ.

එහි දි ත්‍රීරෝද රථයේ ගමන්ගත් පුද්ගලයින් පොලිස් විශේෂ කාර්යය බළකාය දෙසට වෙඩි තබා ඇති අතර පසුව ඔවුන් ද ප්‍රතිප්‍රහාර එල්ල කර ඇත.

එම ප්‍රහාරවලින් එක් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර පසුව ඔහු ජීවිතක්ෂයට පත් විය.

එලෙස ජීවිතක්ෂයට පත් ව ඇත්තේ හේවාසුදු අකුරුගේ මානෙල් රෝහණ නොහොත් තිලක් නමැති කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කරයි.

ඔහු මාකඳුරේ මදුෂ් නමැති පාතාල කල්ලි සාමාජිකයාගේ දකුණු පළාත තුළ සිටින ප්‍රධානතම සහයකයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here