අයාලේ යන ගවයින් අල්ලන්න වි‍ශේෂ පොලිස් මෙහෙයුමක්

0
26

කොළඹ දිස්ත්‍රික්කයේ බල ප්‍රදේශ කිහිපයක නිදැල්ලේ හැසිරෙන ගවයින් දෙසැම්බර් 15 වැනි දාට පෙර ඉවත් කර ගත යුතු බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

එසේ ඉවත් නොකරන සියලු ගවයින් ගව අනාථාගාරවලට රැගෙන යාමට කටයුතු කරන බව විෂය භාර අමාත්‍ය පාඨලී චම්පික රණවක කියා සිටී.

අද (01) පෙරවරුවේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියේ ය.

ඒ අනුව, කඩුවෙල, කොළඹ, දෙහිවල, ගල්කිස්ස, මොරටුව සහ කෝට්ටේ යන මහනගර සභාවලත්, කොලොන්නාව, බොරලැස්ගමුව, කැස්බෑව, මහරගම යන නගර සභාවලත් කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවලත් මෙම අයාලේ හැසිරෙන ගවයින් ඉවත් කිරීම සිදුවනු ඇත්‍

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here