පන්ති භාර ගුරුවරයෙක් නිසා සිසුවියකට දිවි අහිමි වෙයි

0
59

පාසල් අවසන් වී නිවස බලා යමින් සිටි දැරියක සිය පන්ති භාර ගුරුවරයාගේ වෑන් රථයට යටවීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබේ.

එලෙස මිය ගොස් ඇත්තේ සූරියවැව ජාතික පාසලේ 05 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සූරියවැව, ධර්මීගම ප්‍රදේශයේ පදිංචි 10 හැවිරිදි දැරියකි.

ඇය පාසල අවසන් වී නිවෙස බලා යමින් සිටිය දී අද (27) පස්වරුවේ එම අනතුර සිදුව ඇත.

අනතුර සම්බන්ධයෙන් 47 හැවිරිදි ගුරුවරයා වෑන් රථය ද සමගින් සූරියවැව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මියගිය දැරියගේ දේහය සූරියවැව රෝහලේ තැන්පත් කර ඇති අතර සූරියවැව පොලිසිය වැඩිදුර විමර්ශණ මෙහෙයවයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here