06 වසරේ පාසල් සිසුවියක් ගෙළ වැළලා ගනී

0
67

හැටන්, දික්ඔය වනරාජා වත්තේ පදිංචි 11 හැවිරිදි පාසල් සිසුවියක් සිය නිවසේ දි ගෙළ වැලලාගෙන තිබේ.

ඇය ගෙළ වැළලාගෙන සිටිනු දුටු ප්‍රදේශවාසින් විසින් ඇය ඉන් මුදා ගෙන දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

ඇයගේ තත්ත්වය බරපතල බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවූ බව නොර්වුඩ් පොලිසිය පවසයි.

මෙම දැරිය සිය නිවසේ තාවකාලික ව ඉදි කර ඇති කාමරයක බාල්කයේ අද (23) පෙරවරුවේ එලෙස ගෙළ වැලලා ගැනීමට උත්සාහ කර තිබේ.

එම සිසුවිය නොර්වුඩ් ප්‍රදේශයේ ප්‍රධාන දමිල පාසලක 06 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here