බිරිඳ විසින් සැමියාට මෝල් ගසෙන් පහර දී ඝාතනය කරයි

0
8

පොල්ලකින් පහර දී සිය ස්වාමියා ඝාතනය කළ කාන්තාවක් නිවිතිගල පොලීසිය විසින් පසුගිය දා අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගැනුණු 39 හැවිරිදි සැකකාර කාන්තාව රත්නපුර වැඩබලන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 10 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව නිවිතිගල පොලීසිය පවසයි.

අදාල සැමියා බීමතින් පැමිණ නිරන්තරයෙන් කරදර කරන බවට අනාවරණය වී ඇති අතර සිද්ධිය වූ දිනයේ දී සිය දෙවැනි පුතාට පහර දී දරුවාගේ ගෙළ මිරිකා ඝාතනය කිරීමට තැත් කළ ඇති බව වාර්තා වේ.

එම අවස්ථාවේ දරුවා බේරා ගැනීමට සැමියාට තමන් පොල්ලකින් පහර දුන් බවත් එවිට එම පොල්ල කැඩී ගිය පසු නිවස තුළ තිබූ මෝල් ගස රැගෙන ඉන් හිසට පහරක් එල්ල කළ බව සැකකාර කාන්තාව පොලිසිය හමුවේ පවසා තිබේ.

එලෙස ඝාතනයට ලක් වූ පුද්ගලයා නිවිතිගල, පනහැටගල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි දෙදරු පියෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here