පිහි ඇනුමකින් කාන්තාවක් මරුට – ඝාතකයාත් සියදිවි නසා ගනී

0
9

ඌරුබොක්ක, මිල්ලමුල්ලහේන බෙරලපනාතර දී පුද්ගලයෙකු විසින් සිදුකළ පිහි ප්‍රහාරයකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත් ව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අදාළ පුද්ගලයා විසින් කාන්තාවන් තිදෙනෙකුට පිහියකින් ඇන බරපතළ තුවාල සිදුකර ඇති අතර එක් කාන්තාවක් හීගොඩ රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 28ක කාන්තාවක්.

ඝාතනය කළ බවට පැවසෙන වයස අවුරුදු 40ක් වූ සැකකාර පුද්ගලයා ද ඝාතනය සිදුකළ නිවස ආසන්නයේ ඇති තවත් නිවෙසක මිදුලේ සිහිමුර්ජාව වැටී සිටිය දී රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණය සහ පශ්චාත් මරණ පරික්ෂණය අද (02) සිදුකිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here