බන්ධනාගාරය තුළ දී කමිසයෙන් ගෙළ වැළලාගෙන තරුණයෙක් මියයයි

0
2

රන් භාණ්ඩ හා මුදල් කොල්ලකෑමේ සිද්ධියකට අත්අඩංගුවට ගෙන ගම්පොල බන්ධනාගාර සිරමැදිරිය තුළ රඳවා සිටි තරුණයෙකු ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන ඇත.

එම තරුණයා ඇඳ සිටි කමිසයෙන් ගෙළවැළලාගෙන මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

එලෙස මියගොස් ඇත්තේ ගම්පොල දොරගල ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි තරුණයෙකි.

එම ප්‍රදේශයේ නිවෙස් බිඳ රන් භාණ්ඩ හා දේපල කොල්ලකෑමේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් අදාළ තරුණයා පුස්සැල්ලාව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබු අතර ගම්පොල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ලබන 20 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

ඒ අනුව ඔහු ගම්පොල බන්ධනාගාර සිරමැදිරිය තුළ රඳවා තැබීමට පියවර ගෙන තිබු බව පොලීසිය පවසයි.

මියගිය තරුණයා හෙරොයින් මත්ද්‍රව්වලට ඇබ්බැහි වී සිටින අයෙකු බවට ඔහුගේ පියා සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here