වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටෙයි – තරුණයෙක් මියයයි

0
7

කල්මුණේ – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මාංකාඩු ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් තරුණයෙකු මියගොස් තවත් 07 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

පොලීසිය සඳහන් කළේ අද (20) අලුයම වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු ඇති බවයි.

සිද්ධියෙන් වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයින් සිව් දෙනෙක් සහ ලොරි රථයේ ගමන් ගත් පුද්ගලයින් සිව්දෙනෙක් තුවාල ලබා කලවංචිකුඩි රෝහලට ඇතුළත් කර තිබේ.

පසුව බරපතල තත්ත්වයේ පසු වු වෑන් රථයේ ගමන් ගත් 28 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත් වූ බවයි පොලීසිය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here