සරාගී නිළි බිපාෂා බාසු අසාධ්‍ය ලෙස රෝගාතුර වෙයි

0
119

බොලිවුඩයේ සාරාගී නිළිය කවුද කියලා කෙනෙක් ඇහුවොත් මුලින්ම මතක් වෙන නම තමයි බිපාෂා බාසු. එතරම්ම ඇය සරාගියි. සරාගී චරිත සඳහා වැඩි දායකත්වයක් දක්වන බිපාෂා තම විවාහයෙන් පසුව සිනමාවෙන් තාවකාලිකව ඉවත්ව සිටි බව බොහෝ දෙනා දන්නා කාරණාවක්.

පසුගියදා ඇය රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

පසුගිය කාලයේ විටින් විට ඇයට ඇති වූ ශ්වසන ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ගෙන තිබෙන බවත් එම මාධ්‍ය සඳහන් කරනවා. කොහොම නමුත් පසුගිය දිනක ඇයව හින්දුජා කියන රෝහලේ නතර කර නේවාසික ප්‍රතිකාර ලබා දී තිබෙනවා.

පැය 24 ක් පුරා ඇය සිහියක් නැතිව අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ බව තමයි වාර්තා වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here