තැපැල් වෘත්තීය සමිතිවලින් යළිත් අනතුරු ඇඟවීමක්

0
9

හෙට දිනයට පෙර තැපැල් සේවකයින්ගේ ජුනි මාසයේ වැටුප ලබා නොදුනහොත් යළි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවන බව ඒකාබද්ධ තැපැල් වෘත්තී සමිති එකමුතුව පවසයි.

එහි සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ පසුගිය දා වර්ජනයේ නිරත වූ සේවකයින්ගේ දින 06ක වැටුප් ලබානොදීමට ද තීරණය කර ඇති බවයි.

මේ අතර ජුනි මාසයේ වැටුපෙන් දින 06ක වැටුප නොගෙවීමට අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් ද ඉදිරිපත් කිරීමට නියමිත බව ද ඔහු පවසයි.

මේ සම්බන්ධයෙන් ඊයේ (02) දිනයේ දී තැපැල් බලධාරීන් ලිඛිතව දැනුවත් කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here