ඇලෝසියස් සහ පලිසේන යළි රිමාන්ඩ්

0
5

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් උදර්පන නීතිය යටතේ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අදාළව නඩු වාර්තාවල පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද (26) දැනුම් දීමක් සිදු කර තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කරනු ලැබූ ඉල්ලීමකට අනුවයි.

මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ නඩුව කොළඹ – කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ අද කැඳ වූ අතර එහි දී දැනට රිමාන්ඩ් කර සිටින පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ලබන මස 10 වැනි දා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

එමෙන්ම පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම, එහි හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අයගේ වත්කම් අධිකරණ නියෝගවලට අනුව හෙළි කිරීමට සූදානම් නොමැති බව ද ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණයට දැනුම් දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here