ආනපල්ලම විදුහලට වන අලියෙකු කඩා වැදෙයි

0
6

වැල්ලවාය මොණරාගල මාර්ගයේ ආනපල්ලම ප්‍රදේශයේ පිහිටා ඇති ආනපල්ලම කනිෂ්ඨ විද්‍යාලයට අද (18) පෙරවරුවේ වනඅලියෙකු කඩා වැදී තිබේ.

අලිවැට කඩා ඊයේ (17) රාත්‍රි ගම්වැදුනු වනඅලියෙකු නැවත කැලෑවට යමින් සිටින අතර තුර පාසලට මෙලෙස කඩා වැදී ඇත.

වනඅලියා විදුහලේ ක්‍රිඩාංගනය වෙත පැමිණ ඇති අතර එම අවස්ථාවෙ දී පාසලේ ක්‍රීඩා පුහුණු වීම්වල නිරත වෙමින් සිටි කුඩා දරුවන් කිහිප දෙනෙකු සිට ඇති අතර ඔවුන් පංති කාමර වල දිවගොස් තිබේ.

මෙම විදුහල ඉදිරිපිටින් අලි වැට සකසා ඇති අතර එහි ක්‍රමවත් පරිදි විදුලිය නොමැති බව ජනතාව පවසයි.

මෙලෙස කඩා වැදුණු වනඅලියා උදෑසන හතයි පහලොව වන තුරු ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අසල රැදී සිට තිබේ.

ඔහු අසල යුද හමුදා කදවුර දෙසටත් ගමන් කර ඇති අතර පසුව වැල්ලවාය වනජීවි නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව වනඅලියා කැලෑවට එලවා දැමීමට කටයුතු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here