තවත් පොලිස් නිලධාරියෙක් මියයයි

0
4
closeup of the feet of a dead body covered with a sheet, with a blank tag tied on the big toe of his left foot, in monochrome, with a vignette added

කහවත්ත නගරයේ මිහිඳු පෙරහැරක් අතරතුර අලියෙකු කුලප්පුවීමේ සිද්ධියේ දී බරපතල තුවාල ලබා රෝහල් ගත කර සිටි පොලිස් නිලධාරියා දින 11කට පසු මියගොස් තිබේ.

රත්නපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඔහු අද (12) අලුයම ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.

පසුගිය 01 වැනිදා කහවත්ත ප්‍රදේශයේ පැවති පෙරහැරේ ආරක්ෂාව සඳහා රාජකාරියේ යොදවා සිටි මෙම නිලධාරියා උඩවලව පොලීසියට අනුයුක්තව රාජකාරි කළ අයෙකි.

මෙම සිද්ධියේ දී පෙරහැර නැරඹීමට පැමිණි පුද්ගලයින් 31 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here