ශ‍්‍රී ලංකා ක්‍රීඩකයින්ට තවත් පුහුණු සැසියක්

0
98

Image result for chandika Hathurusingha

ඉහළ දස්කම් පිළිබඳ මනෝ විශේෂඥ ඕස්ට්‍රේලියානු ජාතික වෛද්‍ය ෆිල් ජෝන්සි (Phil Jauncey) එළඹෙන මැයි මාසයේ ශ්‍රී ලංකා කණ්ඩයමට තවත් මනෝවිද්‍යාත්මක පුහුණු සැසියක් පැවැත්වීමට නියමිතව ඇත. චන්දික හතුරුසිංහ මහතා පුහුණුකරු ධුරයට පත්වීමෙන් අනතුරුව වෛද්‍ය ෆිල් ජෝන්සි මහතා 2018 ජනවාරි මාසයේ ද ශ්‍රී ලංකා කණ්ඩායමට මනෝ විද්‍යාත්මක පුහුණු සැසියක් පවත්වන ලදි.

ශ්‍රී ලංකා කණ්ඩයම සමඟ පවතී පළමු සැසියේ දී වෛද්‍ය ජෝන්සි මහතා ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ පෞරුෂත්වය අනුව ඔවුන් සමඟ සන්නිවේදනය කරන ආකාරය, ඔවුන් එකිනෙකාට ඉගෙනීම සඳහා සුදුසු ක්‍රම පිළිබඳ පුළුල් කතිකාවතක නිරත විය.

වෛද්‍ය ජෝන්සිගේ දෙවන සැසිය මැයි මස 5 සිට 23 දක්වා පැවැත්වෙන අතර දෙවන සැසියේ දී එක් එක් ක්‍රීඩකයා සමඟ පෞද්ගලිකව සංවාදයේ යෙදී ඔවුන්ගේ දස්කම් නිරන්තරයෙන් ඉහළ මට්ටමක පවත්වා ගැනීම සඳහා උපදෙස් ලබා දීමට නියමිතයි.

“මම පුහුණුකරුවන් සමඟ ද වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා, ඔවුන්ට ක්‍රීඩකයින් හඳුනා ගැනීමට උදව් කිරීම හා ඉගැන්වීමේ නව උපක්‍රම කියා දීමත් මගේ අරමුණක්” වෛද්‍ය ජෝන්සි අදහස් දක්වමින් පැවසිය.

වෛද්‍ය ජෝන්සි මනෝ උපදේශනය හා අධ්‍යාපනික මනෝවිද්‍යාව පිළිබඳව පශ්චාත් උපාධියක් හා ආචාර්ය උපාධියකට හිමිකම් කියන අතර ඕස්ට්‍රේලියාවේ ග්‍රිෆිත් විශ්වවිද්‍යාලය, ක්වින්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලය වැනි විශ්වවිද්‍යාලයන් හී අධ්‍යාපනික මනෝවිද්‍යාව, සමාජ මනෝවිද්‍යාව, සංවර්ධන මනෝවිද්‍යාව, උපදේශනය, ව්‍යාපාර ප්‍රවර්ධනය මෙන්ම බහු සංස්කෘතික මනෝවිද්‍යාවේ පිළිබඳ දේශන පවත්වන පරිණත මහාචාර්යවරයෙකි.

ඔහු ඕස්ට්‍රේලියානු බේස්බෝල් කණ්ඩයමේ මෙන්ම ක්වින්ස්ලන්ඩ් බුල්ස් ක්‍රිකට් කණ්ඩායමේ ද මනෝ විද්‍යා උපදේශක ලෙස කටයුතු කර ඇත. ඕස්ට්‍රේලියානු පාපන්දු ලීගයේ (AFL) බ්‍රිස්බේන් ලයන්ස් කණ්ඩයමේ මානසික දක්ෂතා පුහුණුකරු ලෙස 1994 සිට 2008 දක්වා කටයුතු කර ඇති ඔහු ඕස්ට්‍රේලියානු රග්බි ලීගයේ (NRL) බ්‍රිස්බේන් බ්රෝන්කොස් කණ්ඩයමේ ක්‍රීඩා මනෝවිද්‍යාඥ ලෙස ද කටයුතු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here