ඕනම කෙනෙක් මුලින් ආදරේ කරන්නේ මෙන්න මෙහෙම තමයි

0
73

”නිකං මෝඩයෙක් වෙන්න එපා”

”ආය කාටවත් ආදරේ කරන්නේ නෑ”

ආදරය කියන දේ විවාහයකින් ම කෙළවර වෙන්න ඕන කියලා දෙයක් නෑ. අවුරුදු ගාණක් ආදරේ කරලා කසාදත් බැඳලා ඩිවෝස් වෙන අයත් ඉන්නවා. ඕන ම කෙනෙක් ආදරේ කරන්න පටං ගන්නේ ඒ කෙනාව තමන්ගෙම කර ගන්නවා කියන බලාපොරොත්තුව ඇතුව… තව සමහරු වැඩිය හිතන්නේ නැතුව පටන් ගන්න ආදර සම්බන්ධතා කාලයත් එක්ක දිගුකල් පවතින බැඳීමක් වෙලා විවාහයකින් කෙළවර වෙන අවස්ථාත් තියෙනවා.

ඒ කොහොම උනත් ඒකේ අනික් පැත්ත වෙලා ලව් එෆෙයා එකක් නතර උනොත් ‘ආය කාටවත් ආදරේ කරන්නේ නෑ’, ‘මම හැමදාම තනියම ඉන්නවා’ කියලා හිතන එක නම් මහ මෝඩකමක්. ඔයාට ගැළපෙන එක ම කෙනා නෙවෙයි ඔයාගෙන් අයින් වෙලා ගියේ කියන දේ හිතන්න. මොකක් හරි හේතුවක් නිසා එයා ඔයාගෙන් අයින් වෙලා ගියේ ඔයාගේ ඉරණම්කාරයා හම්බ වෙන්න නිසා වෙන්න පුවළුන්. මොක ද වෙන්න තියෙන දේ තමයි වෙලාව අවට පස්සේ සිද්ධ වෙන්නේ.

හැමදාම තනියම ඉන්නවා කියලා හිතුවට ඇත්තටම එහෙම ඉන්න බෑ. ඒක ප්‍රායෝගික දේකුත් නෙවෙයි. ප්‍රශ්නයක් ඇති වෙලා ඒ එක්ක ම ගන්න තීරණය නෙවෙයි කාලයක් ගෙවිලා ගිහිං සාමාන්‍ය තත්ත්වයට ආවට පස්සේ අපි ගන්න තීරණය වෙන්නේ. ප්‍රශන්යක් ඇති උනාට පස්සේ ගත්තු තීරණේ ඔයාට පස්සේ මතක් වෙද්දි හිනා යයි.

එදා ඔයා තනිවෙලා හිටපු විදිහත් එක්ක ආය කාටවත් ආදරේ කරන්නේ නෑ කියලා හිතා ගත්තා නම් ආනාගතේ ඔයාට සතුටු වෙන්න බෑ. ඒ ආදරෙන් ඔයා පැරදිලා ඔයාගේ වැඩ ටික අතපසු කරගෙන නිකමෙක් වගේ එදා හිටියා නම් ඔයාට අද සතුටු වෙන්න බෑ.

එදා ආදරෙන් පැරදුන ඔයා සමහරවිට අද වෙන කාටහරි ආදරේ කරනවා ඇති. දැන් හරිකෙනා ලැබිලා නම් ඔයාට අනිවාරෙන් හිතෙන්න ඕන එදා ඒ බැඳීම බිඳිලා ගිය එක මොනතරම් නම් හොඳ දෙයක් ද කියලා…. මොක ද එදා එහෙම නොවුණා නම් අද ඔයාගේ ජීවිතේට වටිනාකමක් දීපූ දැන් ඉන්න කෙනා ව අද ඔයාට ලැබෙන්නේ නැති නිසා… ප්‍රශ්නයක් ඇති උනාට පස්සෙ දුකෙන්, කේන්තියෙන් ඉද්දි තීරණ ගන්න හොඳ නෑ කියන්නේ ඒකයි.

එක්කෙනෙකුට ආදරේ කරලා ඒ ආදරෙන් පරාද උනා කියලා ඒ මත්තෙම ඉන්න ඕන කියලා දෙයක් නෑ. එහෙම ඉන්න අයත් ඇත්තටම නෑ. ඒත් මේ ගැන කතා කරන්න වෙලා තියෙන්නේ බොහෝ නිර්මාණවල ඒ වගේ ම සමාජ ජාලවල අහන්න දකින්න තියෙන්නෙම පරම පිව්තුරු ඒ වගේ ආදර කතා ගැන. නමුත් ඇත්තටම එහෙම ආදරේ නමින් තනි උන අය නෑ. එහෙම කෙනෙක් හොයා ගන්නත් බෑ. ඉඳලා හිටලා එහෙම කෙනෙක් ඉන්න බැරිකමකුත් නෑ. ඒත් එයාට ඉඟියක් හරි කරන්න කෙනෙකුත් අනිවාරෙන් ම ඉන්නවා. සමහරවිට ඒ ඉඟි නිසා ඒ දෙන්නා පස්සේ කාලෙක පෙම්වතුන් වෙන්න පුළුවන්.

නිකමට හිතන්න ඔයා කෙනෙක්ට නොසෑහෙන්න ආදරේ කරනවා. කවදහරි දවසක දෙපැත්තකට වෙන්න වෙයි කියලා නිකමටවත් හිතන්නේ නෑ. දුරදිග ගිය ඒ ආදර සම්බන්ධතාවය මොකක් හරි හේතුවක් නිසා කැඩිලා යනවා. එතනදි ඔයා හිතා ගන්නවා එයාට ආදරේ කළා වගේ ආය කාටවත් ආදරේ කරන්න බැරි වෙයි කියලා… නෑ එහෙම දෙයක් නෑ. සමහරවිට එයා එක්ක එදා ඔයාට ඉන්න බැරි උනාට වෙන කෙනෙක් එක්ක ගොඩාක් හොඳට ඔයාට ඉන්න පුළුවන්කම තියෙනවා. නාස්ති වෙන්න එපා… ඒ වගේ ම හොඳ චාන්ස් මිස් කර ගන්නත් එපා. දාලා ගිය අය ගැන බොරුවට තැවි තැවී කලකිරෙන්න එපා.

කාලය ගෙවිලා යද්දි තනි වුණ ඔයාගේ ජීවිතේ ඒ හිඩැස පුරවගන්න ඔයාට ම ඕන වෙනවා. නිතර දකින හමුවෙන අය අතරේ ඔන්න ඉන්නවා ඔයාගේ අදහස්වලට ඔයාගේ දේවල්වලට ගැළපෙන කෙනෙක්. ඉතිං ඔයා දෙන්නා ආදරේ කරනවා. එහෙම ආදරේ කරද්දි ඔයාට ඒ මුණ ගැහුනෙ හරි කෙනා නම් ඔයාට පරණ කෙනා මතක් වෙන්නෙවත් නෑ. අලුත් කෙනා එක්ක ඉද්දි පරණ කෙනා මතක් වෙනවා නම් එතන හරි ආදරයක් ඇත්තෙත් නෑ. ජීවිතේට දුකක් ඉතුරු කරලා ඔයාව අතෑරලා ගිය අය ගැන හිතන්න එපා. ලැබුණු අලුත් කෙනා එක්ක සතුටින් ඉන්න උත්සාහ කරන්න.

ෂෙහානි දිනේෂිකා එදිරිසිංහ

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here