ආචාර්‍ය ලෙස්ටර් ජේම්ස් පීරීස්ගේ සුපිරි ජංගම දුරකථනයත් සොරා ගනියි

0
336

අභාවප‍්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ නිවසේ තිබූ තවත් භාණ්ඩයක් අතුරුදන්ව තිබේ. පොලිස් වාර්තාවලට අනුව මෙලෙස අතුරුදන්ව ඇත්තේ රුපියල් ලක්ෂයක් පමණ වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක්.

අවමංගල්‍යය කටයුතු සිදුවූ ඊයේ (03) දිනයේ මෙම දුරකථනය අතුරුදන්ව ඇත. ඒ මහතාගේ නිවසේ තිබූ රණමයුර සම්මානයට හිමි පදක්කමද අතුරුදන්ව තිබුණි. අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් ඒම හතාගේ ඥාති දියණියක් බම්බලපිටිය පොලිස් ස්ථානයට පැමිණිල්ලක්ද කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරික්ෂණ කි‍්‍රයාත්මක අතර සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here