වදක තනතුර සඳහා අයැඳුම්පත් කැඳවයි

0
17

බන්ධනාගාරයේ වදක තනතුර සඳහා අයැදුම්පත් කැඳවීමට පියවර ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඩුවම නියමවූවන්ට එම දඩුවම ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුවීමත් සමග බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන තිබේ.

2015 වසරේදී වදක තනතුර සඳහා පුද්ගලයින් කිහිප දෙනෙකු බඳවාගැනීමට කටයුතු කෙරුණ ද ඔවුන් එම තනතුර අත්හැර යාම හේතුවෙන් මේ වනවිට වදක තනතුර පුරප්පාඩු වී පවතී.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මරණ දඩුවම නියමව බන්ධනාගාරගතව සිටිමින් තවදුරටත් එම ජාවාරම්වලට පුළුල් වශයෙන් සම්බන්ධ වන පුද්ගලයින්ට මරණ දඩුවම ක්රිටයාත්මක කිරීමට පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉකත් 11 වැනි දා පැවති උත්සවයක දී සඳහන් කළේ ය.

මේ වනවිට මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පුද්ගලයින් 19 දෙනෙකුට මරණ දඩුවම නියම වී ඇති නමුත් ඉන් කිහිපදෙනෙකු සිය දඬුවමට එරෙහිව අභියාචනා ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අභියාචනා ඉදිරිපත් නොකළ පුද්ගලයින් 13 දෙනෙකුගේ ලිපි ලේඛන මේ වනවිට පරීක්ෂාකරමින් සිටින අතර විදේශිකයින් කිහිප දෙනෙකු ද ඒ අතර සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර අධිකාරී තුෂාර උපුල්දෙණිය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here