දැව සංස්ථා නව සභාපතිගේ පත්වීම අවලංගු කෙරේ

0
12

රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත් වූ අනුරුද්ධ පොල්ගම්පලගේ පත්වීම ජනාධිපතිවරයා විසින් අවලංගු කර ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.

රාජ්‍ය දැව සංස්‌ථාවේ හිටපු සභාපති පී. දිසානායක අල්ලස්‌ ගැනීමේ චෝදනාවකට අත්අඩංගුවට පත්වීමෙන් පසු හිස්‌ වූ එම ධුරය සඳහා අනුරුද්ධ පොල්ගම්පොළ පසුගිය 04 වැනි දා පත්වීම් ලැබී ය.

ඔහුට රාජ්‍ය දැව සංස්‌ථාවේ සභාපති ධුරය පිරිනැමීම පිළිබඳව ජනාධිපතිවරයාට සහ රජයට බොහෝ විවේචන එල්ල වූ අතර ඔහු මීට පෙර කිහිප වතාවක්‌ම අල්ලස්‌ ගැනීමේ චෝදනාවලට ලක් ‌ව සිටි බව ද ඒ අතර ප්‍රකාශ විය.

ජනතා විමුක්‌ති පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අනුරුද්ධ පොල්ගම්පොළ පසුව මහින්ද රාජපක්‌ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවයට සම්බන්ධ විය.

පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට සහාය දැක්‌වීමට එක් ‌වූ අනුරුද්ධ පොල්ගම්පොළට රාජ්‍ය දැව සංස්‌ථාවේ සභාපති ධුරය දැරීමට හැකි වුණේ සතියක පමණ කාලයකි.a

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here