අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යළිත් රක්ෂිත බන්ධනාගාරයට

0
5

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඔවුන් ලබන මස 05 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.

මහබැංකු බැඳුම්කර ගණුදෙනුවට අදාළව චෝදනා එල්ල වී ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අය පසුගිය පෙරබරවාරි මස 04 වැනි දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබී ය.

මේ අතර අදාල නඩුව අද (21) කැඳ වූ අවස්ථාවේ අර්ජුන් ඇලෝසියස්ගේ පියාවන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් හට ලබන 05 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද නියෝග කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here