අර්ජුන මහේන්ද්‍රන්ගෙන් ජාත්‍යන්තර පොලීසියට අභියාචනයක්‌

0
7

තමා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීම දේශපාලන හේතූන් මත සිදු කරන බැවින් එය වහා නතර කරන ලෙස ඉල්ලමින් මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරුවකු බව කියන අර්ජුන මහේන්ද්‍රන් ජාත්‍යන්තර පොලිසිය වෙත අභියාචනයක්‌ ඉදිරිපත් කර ඇත.

තමා අත්අඩංගුවට ගැනීම සම්පූර්ණයෙන්ම දේශපාලන හේතූන් මත සිදුවන බව කියමින් ඔහු එලෙස ජාත්‍යන්තර පොලිසිය වෙත අභියාචනයක්‌ භාර දී තිබේ.

මහ බැංකුවේ බැඳුම්කර වංචාවට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු බව කියන මහ බැංකුවේ හිටපු අධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය පසුගිය දා රතු වරෙන්තුවක්‌ නිකුත් කළේ ය.

මිග් යානා මිලදී ගැනීමේ දී මහා පරිමාණ මූල්‍ය වංචාවක්‌ සිදුකළ බව කියන යුක්‍රේනයේ හිටපු තානාපති උදයංග වීරතුංග ද තමා අත්අඩංගුවට නොගන්නැයි කියමින් ජාත්‍යන්තර පොලිසියට පසුගිය දා අභියාචනයක්‌ ඉදිරිපත් කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here