පොහොට්ටුවේ අපේක්ෂකයෙකු ගංජා කිලෝ 34ක් සමග අත්අඩංගුවට

0
16
කාත්තන්කුඩි ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයකු ගංජා කිලෝ 34ක් සමග කාත්තන්කුඩි ‍පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ අපේක්ෂකයා පොදුජන පෙරමුණෙන් මැතිවරණයයට ඉදිරිපත් වූ අයෙක්වන කාත්තන්කුඩි 02 ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි ප්‍රද්ගලයෙක් වේ.
මොහු ත්‍රිරෝද රථයකින් ගංජා රැගෙන යමින් සිටියදී පූනෝච්චිමූනෙයි, වෙරළ පාර ළමා නිවාසය අසලදී ‍පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
ඒ අනුව ගංජා ළඟ තබා ගැනීමේ හා ප්‍රවාහනය කිරීමේ චෝදනාව යටතේ කාත්තන්කුඩි මහේස්ත්‍රාත් අධිකරණය වෙත  ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7 රැඳවුම් නියෝග ලබා ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here