අසංක ගුරුසිංහ ඉවතට – බ්‍රෙන්ඩන් කුරුප්පු එන ලකුණු

0
13

Image result for Sri lanka cricket board

ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ කළමනාකාර ධුරය සඳහා නම් දෙකක් යෝජනා වී තිබේ.
මේ වන විට එම ධුරයේ අසංක ගුරුසිංහ කටයුතු කරන අතර ඔහු කි‍්‍රකට් ආයතනයේ තවත් තනතුරු කිහිපයක් දරන බැවින් ඔහු ඉන් ඉවත් කර වෙනත් අයෙකු ඊට පත් කිරීමට කි‍්‍රකට් ආයතනයේ අවධානය යොමුව ඇත.

අසංක ගුරුසිංහ මේ වන විට කි‍්‍රකට් ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස සහ තේරීම් කමිටු සාමාජිකයෙකු වශයෙන් ද කටයුතු කරයි. සයිමන් විල්ස්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ඉහළ දක්ෂතා කළමනාකාර තනතුරුටද අසංක ගුරුසිංහ ඉකුත්දා පත් කෙරුණි.

කි‍්‍රකට් ආයතනයේ උප ලේකම් රවීන් වික‍්‍රමරත්න සහ බ්‍රෙන්ඩන් කුරුප්පු කළමනාකාර ධුරයට යෝජනා වී ඇති බව කි‍්‍රකට් ආයතනයේ උසස් නිලධාරියෙකු කියා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here