ඔබ මෙතෙක් බලා සිටි ජනප්‍රිය ගායක අශාන් ප්‍රනාන්දුගේ ”මේ නිහඬ භවයේ” ගීතයේ වීඩියෝව නිකුත් වෙයි

0
9401

”මං පතනවා” සහ ”සත්තයි” යන ගීත ද්විත්වය හරහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා සිටින යුගයේ ජනප්‍රිය ගායක අශාන් ප්‍රනාන්දුගේ අලුත් ම ගීතයේ රූප රචනය මේ වනවිට නිකුත් වී තිබේ.

ඉහත ගීත දෙකම රචනා කර දෙමින් ඔහුගේ අලුත් ගීතයේ පද රචනය සිදු කර ඇත්තේ ද ජනප්‍රිය ගී පද රචක ඩිලාන් ගමගේ විසින් ය.

චමු ශ්‍රී විසින් අධ්‍යක්ෂණය කරන ලද ඩුවෙල්කෝ මියුසික් (DuelCo music) ආයතනය නිෂ්පාදනය කළ මෙම ගීතයේ ජනප්‍රිය නිළි ඕෂධී හිමාෂා චාවින්දි , ජනප්‍රිය නළු තුසිත ධනුෂ්ක සහ ජනප්‍රිය නළු ගජන් කානේෂන් රංගනයෙන් දායක වී ඇත.

”මේ නිහඬ භවයේ” ලෙස නම් කර තිබෙන මෙම ගීතයේ මියුසික් වීඩියෝ මෙතෙක් ඉදිරිපත් වූ මියුසික් වීඩියෝ සියල්ල අභිබවා යමින් වෙනස් ම ආකාරයකට සිදු කර තිබීම විශේෂත්වයකි.

හැමදාමත් ඔබගේ මතකයේ රැඳෙන, නිතර ඔබගේ තොල් අග මිමිණෙන ගීත ගායනා කරමින් සංගීත ක්ෂේත්‍රයේ පැහැදිලි ගමනක් යමින් සිටින අශාන්ගේ අලුත් ගීතයේ වීඩියෝව පහතින් නරඹන්න.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here