බ්‍රිතාන්‍ය මහ රැජින මිය ගියහොත් සිදු කළ යුත්තේ කුමක්ද? බ්‍රිතාන්‍යය පෙරහුරුවක් කරයි

0
34

එංගලන්තයේ දෙවන එලිසබත් මහ රැජිණගේ අභාවයෙන් පසු සිදුකල යුතු කාර්යන් පිළිබඳව එරට අමාත්‍යවරුන් පසුගිය සතියේදී රහස් පෙරහුරුවක් සිදුකර ඇති බව බ්‍රිතාන්‍යයේ පලවන The Sunday Times පුවත්පත වාර්තා කර සිටී.

මහ රැජිණගේ අභාවයෙන් පසු ගතයුතු ක්‍රියාමාර්ගයන් “කාසල් ඩෝව් (Castle Dove)” වශයෙන් හදුන්වනු ලබයි. රැජිණගේ අභාවයෙන් පසු ඒ පිළිබඳව දැනුම් දෙන ආකාරය ගැනද මෙහිදී පෙරහුරුවක් සිදුකර ඇති බව වාර්තා වේ.

එහිදී බකිංහැම් මාලිගය විසින් බ්‍රිතාන්‍ය අගමැතිවරයා වෙත රැජිණගේ අභාවය පිළිබඳව දැනුවත් කරනු ලබන නිල සංකේතාත්මක වචනය වන “London Bridge is down” ලෙස දැනුම් දෙන බවත් පසුව අගමැතිධුරය දරන්නා විසින් ඒ පිළිබඳව වන නිල නිවේදනය මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය

මේ අතර රැජිණගේ අභාවය වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ දින 10 ක ශෝක කාලයක් ප්‍රකාශ කිරීමටද නියමිත බව වාර්තා වේ.

බ්‍රිතානයේ The Sunday Times පුවත්පත සඳහන් කරනු ලබන ආකාරයට මෙම පෙරහුරුව සඳහා බ්‍රිතාන්‍යයේ ඇමතිවරුන් සහ සිවිල් සේවා අංශ ප්‍රධානින් රැසක් සහාභාගිවි ඇති බවට වාර්තා කර තිබේ.

මහ රැජිණගේ අභාවයෙන් අනතුරුව බ්‍රිතාන්‍යයේ රජ ලෙස පත්කරනු ලබන්නේ චාල්ස් කුමාරයා වන බැවින් ඒ සම්බන්ධයෙන්ද ගත යුතු ක්‍රියා මාර්ග සහ රජ ලෙස පත්කිරීමෙන් අනතුරුව චාල්ස් කුමරු පළමු වරට වේල්ස් සහ ස්කොට්ලන්තයේ සිදුකළ යුතු පළමු නිල සංචාරය පිලිබඳවද මෙහිදී රැස්වූ අමාත්‍යවරුන් කමිටුව සාකච්ජා කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම මහ රැජිණගේ අභාවයේදී එම පුවත විකාශනය කළ යුතු ආකාරය ගැන හා ඒ අවස්ථාවට උචිත ශෝක ජනක සංගීත වාදනයන් ගැන කල්තියා සකස් කර ගන්නා මෙන් රුපවාහිනි සහ ගුවන් විදුලි විකාශන ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇති බව Daily mail වෙබ් අඩවිය සඳහන් කරයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here