“බුදුන්වහන්සේ ස්වාමීන් වහන්සේලාට සැප සම්පත් තහනම් කර නැහැ” – ෆේස්බුක්හි ආන්දෝලානාත්මක චරිතයක් වුණු බුදුගුල ජිනවංශ හිමි කියයි

0
176

බුදුගල ජිනවංශ හිමි නම් භික්ෂූන් වහන්සේ නමක් සිය ෆේස්බුක් පිටුවේ තැබු පසුගිය දිනවල කතාබහට ලක්ව තිබෙනවා. එහිදි උන්වහන්සේ මෝටර් රථයක් බැලීමට ගොස් එය මිලදි ගැනීමට දායකයන්ගෙන් ආධාර ඉල්ලා තිබුනා.

මේ සදහා විවිධ ප්‍රතිචාර එල්ලව තිබු අතර ඇතමෙක් උන්වහන්සේ විවේචනයද කර තිබුනා.

සිදුවීම පිළිබද සත්‍ය කතාව දැන ගැනීමට නෙත් ගොසිප් අප බුදුගල ජිනවංශ හිමි සම්බන්ධ කර ගත්තා. එහිදි උන්වහන්සේ අප සමග දැක්වුයේ මෙවන් අදහසක්.

” මම හෙල බොදු සවිය සංවිධානයේ සභාපති , මීට අමතරව පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාගේ මන්ත්‍රී කාර්ය මණ්ඩලයේ ලේකම් කෙනෙකු ලෙසද කටයුතු කරනවා. මගේ කාර්යාලය ලගම තිබු වාහන අලෙවි සැලකට මාව එක්කගෙන ගියේ අදුරන මල්ලි කෙනෙක්,  ඉතින් මේක බලලා මගේ ෆේස්බුක් ගිණුමට මේ ඡායාරූප දැක්කා”” බුදුන් වහන්සේ කිසි ලෙසකින් භික්ෂුන් වහන්සේලාට සැප සම්පත් තහනම් කරලා නෑ , නොයෙක් අයට භික්ෂූන් වහන්සේලා පිළිබදව නොයෙක් ආකල්ප තියෙනවා , මම ඒ ගැන වැඩිය හිතන්නේ නෑ , සමහරු මම නියෝජනය කරන දේශපාලන මතය නිසාත් මේ වගේ දේවල් කරනවා තරහට “

” මා ඉතිහාසයේ කොටි ත්‍රස්තවාදීන්ට එරෙහිව එක්සත් ජාතින්ගේ ශ්‍රී ලංකා කාර්යාලය ඉදිරිපිට උපවාසයක් පවා කළා, මෙවැනි දේ මට හොදට හුරුපුරුදුයි”

ආන්දෝලනයට තුඩු දුන් ජිනවංශ හිමිගේ ෆේස්බුක් සටහන,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here