ලාංකික සංචාරකයන් රැගත් බස් රථයක් ස්විස්ටර්ලන්තයේ දී අනතුරට

0
23

ශ්‍රී ලාංකික සංචාරකයන් පිරිසක් ගමන්ගත් බස් රථයක් ස්විස්ටර්ලන්තයේ දී අනතුරට ලක් ව තිබේ.

එම අනතුරින් ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන් එක් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා ඇති බවට වාර්තා වේ.

ස්විස්ටර්ලන්තයේ සුරික්හි Winterthur-Wulflingen අධිවේගී පිවිසුම ආසන්නයේ දී මෙම අනතුර සිදු ව ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ එම බස්රථයේ මගීන් 40 දෙනෙකු පමණ සිට ඇති බව වාර්තා වේ. මෙම සංචාරක මගීන් රැගත් බස් රථය ලොරි රථ දෙකක ගැටීමෙන් අනතුර සිදු ව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here