සිදු කිරිමට නියමිත පූර්ණ කැබිනට් සංශෝධනය පිළිබදව ජනපති සිය මතය නිල වශයෙන් කියයි

0
263

Related image

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ අමාත්‍යවරුන් පහළොස්දෙනෙකු සහ නියෝජ්‍ය කතානායකවරයා සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමෙන් අනතුරුව නව කැබිනට් සංශෝධනයක් සිදුකරන බව ආණ්ඩුව නිවේදනය කර තිබුණි.

එය “කැබිනට් සංශෝධනයකට” වඩා සම්පූර්ණයෙන්ම “අලුත් කැබිනට් මණ්ඩලයක් පත්කිරීමක්” ලෙස සලකන බව මේ සම්බන්ධයෙන් බී.බී.සී. සිංහල සංදේශය යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසා සිටී.

නව කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී විවිධ චෝදනාවලට ලක් වූ පුද්ගලයන් යළිත් ඇතුළත්වේ දැයි යන්න පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කෙරුණි.

ඊට පිළිතුරු දෙමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසා ඇත්තේ එය ඒ ඒ දේශපාලන පක්ෂවල මූලික වගකීමක් වන බව ය

එසේම තමාට එන යෝජනා පිළිබඳව අවධානය යොමුකරමින් සුදුසු හා නුසුදුසු පුද්ගලයන් පිළිබඳව අවධානය යොමු කරන බවද ජනපතිවරයා එහිදී සඳහන් කර තිබේ.

එහිදී “මම ගාවට එන යෝජනාවලදී මම සොයා බලනවා ඕනෑම කෙනෙක් කැබිනට් මණ්ඩලයට පත්කිරීම සුදුසුද නුසුදුසුද කියන එක පිළිබඳව. ඒක මගේ වගකීමක්. ඒ අනුව මම තීන්දු තීරණ ගන්නවා. මෙය පැහැදිලිව රටට ජනතාවට විශ්වාස කළ හැකි ඇමති මණ්ඩලයක් වෙන්න ඕන. ඔය චෝදනාවලට ලක්වෙච්ච කිවුවට අපට එකපාරටම කියන්න බෑ ඔය කවුරු ගැනද කියන්නේ කියලා. ඒ එන යෝජනා අනුව තමා අපිට තීන්දු තීරණ ගන්න වෙන්නේ.” යනුවෙන්ද සඳහන් කෙරුණා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here