අමාත්‍ය චම්පික රණවකට අමරපුර සංඝ සභාවෙන් ගෞරව නාමයක්.

0
12
Image result for patali
ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව විසින් මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට  “ශාසනාභිමාන්‍ය ජනරංජන දේශබන්ධු” යන ගෞරව නාමය ප්‍රදානය කර තිබේ.
දේශප්‍රේමී ජාති හිතෛෂී ජනතා පුත්‍රයෙකු ලෙස රට-දැය-සමයේ ප්‍රගමනය උදෙසා මහඟු මෙහෙයක නිරත වන අතරම ශ්‍රී ලංකා අමරපුර නිකායාභිවෘද්ධි දායක සභාවට ඉහමත් ශක්තියක් වෙමින් අමරපුර සංඝ පරපුරෙහි රක්‍ෂණය, පෝෂණය හා අභිවර්ධනය උදෙසා ඉටු කරන ලද ප්‍රශස්ථ මෙහෙය ඇගයීම පිණිස  අමාත්‍ය  පාඨලී චම්පික රණවක  වෙත මෙම ගෞරව නාමය ප්‍රදානය කරන බව අමරපුර සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරි මාදම්පාගම අස්සජී නාහිමියන් එම ගෞරවනාම ප්‍රදාන උත්සවයේදී ප්‍රකාශ කලා.
බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ වන් ශ්‍රී දළඳා මාලිගාවේ, අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සෙගේ සහ අටමස්ථානයට අයත් වෙහෙර විහාරයන්ගේ මෙන්ම දිවයින පුරා විසිරි පවතින අඩුපහසුකම් සහිත විහාරස්ථාන සංවර්ධනය උදෙසා අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සිදුකල මෙහෙවර උන්වහන්සේ එහිදී විශේෂ ඇගයීමකට ලක්කලා.
ගෞරව නාමය පිළිගනිමින්, ආර්ථික අතින්, සමාජීය අතින් ඔදවත්, තෙදවත්, බලවත් ජාතියක්  ගොඩනගා ගන්නා අතරම ශක්තිමත් භික්ෂු යාන්ත්‍රණයක් ගොඩනංවා ගැනීමට තමන් කැපවී ක්‍රියා කරන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කලා.
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත, මහෝපාධ්‍ය, අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ගෞරව නාම ප්‍රධන උත්සවය සදහා ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහෝපාධ්‍ය අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන පාර්ශවීය මහනායක – අනුනායක මාහිමිපාණන් වහන්සේලා ඇතුළු අති පූජනීය මහා සංඝරත්නය සහ අමරපුර මහා සංඝ සභාවේ ගිහි දායක කාරකාදීන්  රැසක් සහභාගී විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here