ඇමති ෆයිසර් මුස්තාපා චන්දිමාල්ට දැඩි ලෙස අවවාද කරයි

0
13

Image result for Chandimal sad

“මට කිසිම ක්‍රිකට් දැනුමක් නෑ ඒත් ආයේ මෙහෙම වෙලා තිබ්බොත් බලාගෙනයි” චන්දිමාල් ලඟ තියාගෙනම ඇමති මුස්තාෆා කණ්ඩායමට දෙහි කැපූ හැටි! (VIDEO)

කොදෙව් කණ්‌ඩායම සමග පැවැති දෙවැනි ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයේ දෙවැනි දිනයේදී පන්දුව පළුදු කිරීමේ සිද්ධියේදී ශ්‍රී ලංකා පිල නියමිත වේලාවට පිටියට නොපැමිණීමට ගත් තීරණය තමන් කිසිසේත්ම අනුමත නොකරන බවත්, ඒ සම්බන්ධයෙන් තමා ශ්‍රී ලංකා කණ්‌ඩායමට අවවාද කළ බවත් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්‌තාපා පවසනවා. නායක දිනේෂ් චන්දිමාල් අසල සිටියදීම ඇමති ෆයිසර් මුස්තාෆා දැඩි ස්වරයෙන් මෙලෙසින් කණ්ඩායමට අවවාද කිරීම විශේෂත්වයකි.

ටෙස්‌ට්‌ තරගාවලිය 1-1 ක්‌ වශයෙන් අවසන් කරගෙන දිවයිනට පැමිණි ශ්‍රී ලංකා කණ්‌ඩායම සහභාගී පළමු මාධ්‍ය හමුවේදී  මේ බව පවසා සිටියේය.

‘ක්‍රිකට්‌ පිට්‌ටනියට අපේ කණ්‌ඩායම නොයැම වැරැද්දක්‌. කණ්‌ඩායමේ සහෝදරත්වයේ තියෙන බැඳීම, චන්දිමාල්ට තියෙන ආදරය නිසා සමහර වෙලාවට මුළු ටීම් එකම ආවේගශීලීව කටයුතු කරනවා. කිසිසේත්ම ඒක හරියි කියලා පිළිගන්න බැහැ. මෙහෙම දේවල් මින් ඉදිරියට කරන්න එපා මේක විනය කඩකිරීමක්‌’ යෑයි ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

කල්ලි වාදයෙන් ඈත්ව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආරක්‌ෂා කිරීම වෙනුවෙන් ප්‍රවීණ ක්‍රිකට්‌ ක්‍රීඩකයින්ට එකතුවන මෙන්ද ඉල්ලා සිටි ක්‍රීඩා අමාත්‍යවරයා ‘අපි දන්නවා ක්‍රිකට්‌ ක්‍රීඩාව තුළ කල්ලිවාදය හැමතැනම තියෙනවා. දේශපාලනයට වඩා කල්ලිවාදය තියෙනවා ක්‍රිකට්‌ වල. ඒ කල්ලිවාදය නැති කරලා අපි සියළුදෙනා එකතුවෙලා ව්‍යවස්‌ථාවේ වෙනසක්‌ අවශ්‍යනම් වෙනස්‌ කරමු. එක ඉල්ලීමක්‌ කරනවා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආරක්‌ෂා කරන්න මේ කල්ලිවාදයෙන් ඈත්වෙලා වැඩ කරමු’ යි කියලා.

තමා පන්දුව පළුදු කිරීමේ අදහසකින් කිසිම දෙයක්‌ සිදුනොකළ බවට ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ නායක දිනේෂ් චන්දිමාල් අදාළ මාධ්‍ය හමුවේදී අදහස්‌ දැක්‌වූයේය. ‘පන්දුව පළුදු කිරීමේ කිසිම අරමුණකින් කිසිම දෙයක්‌ මම කළේ නැහැ. ඒ නිසා තමයි මම අයි.සී.සී. එකට එරෙහිව අභියාචනයක්‌ ඉදිරිපත් කළේ. මම දන්නවා, කණ්‌ඩායම දන්නවා අපි හිතට එකඟව වරදක්‌ කළේ නෑ කියන එක ගැන.’

මීට අමතරව ක්‍රීඩාංගණයට ප්‍රමාද වී ගිය එක වැරැද්දක්‌ බවත්, ලබන 10 වැනිදා සිදු කෙරෙන පරීක්‌ෂණයේදී දඬුවම ලිහිල් කරගැනීමට උත්සාහ කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කළමනාකරු අසංක ගුරුසිංහ එහිදී වැඩිදුරටත් පවසා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here