”මම විවාහ වෙලා හිටියේ චතුරිකා එක්ක, රිද්මා කැමති නෑ විවාහ උත්සව ගන්න” රොෂාන් පිලපිටිය අලුත් ජීවිතය ගැන කියයි

0
5726

“අපි දෙන්නා ආදරේ කරලා විවාහ වුණේ…”

“එයාගේ පළමු විවාහය වෙන්නේ මාත් එක්ක”

”පවුල වෙනුවෙන් කාලය වෙන් කරගන්න ඉන්නේ”

”ඔය කියන කාන්තාව මේ විදිහට කතාවක් කියලා ආලෝකයක් ගන්න හදන්නේ”

රොෂාන් පිලපිටිය කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ, ජනප්‍රිය නළුවන් අතරින් ඉදිරියෙන් ම සිටින කලාකරුවෙක් කියලා හඳුන්වන්න පුවළුන්. පුද්ගලික ජීවිතයේ විවිධ හැලහැප්පීම් රැසක් මැද ජීවිත් වූ ඔහුගේ පුද්ගලික ජීවිතයේ ඔහු පෙරුම් පිරූ සිහිනයක් මේ වනවිට හැබෑ කර ගෙන සිටින බව මේ දිනවල දී මාධ්‍ය තුළින් දකින්න ලැබෙනවා. ඔහුගේ අලුත් ජීවිතයේ තොරතුරු මාධ්‍යට කියලා තිබෙනවා. ඒ මෙන්න මේ විදිහට….

රොෂාන් ඔබ යුවතියකට ආදරේ කර රැවට්ටුව බවට චෝදනාවක් එල්ල වෙනවා ඒ ගැන කිව්වොත්..?
මම කිසිම කෙනෙකුට විවාහ වෙන්න පොරොන්දු දීලා නැහැ. මම ඔය කියන විදිහට කාගෙන් හෝ මුදල් ගත්තා නම් ගැහැණු අය එක්ක ඉඳලා ඒ අය අගතියට පත් වුණා නම් ඒ අයට පුළුවන් නීතිය හමුවට යන්න. බොරුවට මම විවාහ වුණා කියලා කිව්වට පස්සේ මට හා මගේ බිරිඳට මඩ ගහන්නේ නැතුව. ඔය කියන කතා මට අදාල වෙන්නේ නැහැ. ඒ වගේම මම විවාහ වෙනකල් හිටියේ ඇයි ඔය වගේ කතා හදන්න. මම වැරදියි නම් ඊට කලින් පියවරක් ගන්න තිබුනා නේ.

ඔබේ බිරිඳ කලින් විවාහ දෙකක් කළා කියලත් කට කතා පැතිරෙනවා..?
මගේ බිරිඳ මිට කලින් විවාහ දෙකක් කරගත් කෙනෙක් කියනවා. එයාගේ පළමු විවාහය වෙන්නේ මාත් එක්ක. මම විවාහ වෙලා හිටියේ මිට කලින් චතුරිකා එක්ක. ඔය කියන කතා අමූලික බොරුවක්. කොහොම නමුත් ඒක එහෙම වුණත් මට ඒ දේ ප්‍රශ්නයක් නෙමෙයි නම් පිට අය මොකටද ප්‍රශ්නයක් කර ගන්නේ. මම වංචාවක් කළා නම් මගේ බිරිඳ වංචාවක් කලානම් නීතිය අනුව ක්‍රියා කරන්න කියලයි මම කියන්නේ.

ඔබ ජනප්‍රිය නළුවෙක්. මේ වගේ කතා එක්ක ඔබේ නමට හානියක් වෙනවා නේද..?
කට කතා විශ්වාස කරන්නේ වැඩකට මෝඩ නැති මිනිස්සු. ඔය කියන කාන්තාව මේ විදිහට කතාවක් කියලා ආලෝකයක් ගන්න හදන්නේ. බැබලෙන්න මේ වගේ දෙයක් කළාට මට කරන්න දෙයක් නැහැ. නමුත් මම බුද්ධියෙන් වැඩ කරනවා. මට කිසිම කෙනෙකුට මඩ ගහන්න වුවමනාවක් නැහැ. ඒ නිසා මම ඒ ගැන කතා කරන්න කැමති නැහැ. මට වුණු අපහාසයට මම නීතිය මාර්ගයෙන් කටයුතු කරනවා. මම ඒ ගැන මගේ නිතීඥවරයාට කියලා තියෙන්නේ. මම නම් ඔය කතාවලට තරහා ගන්නේ නැහැ අනුකම්පා කරනවා මිසක්.

විවාහ ජිවිතේ කියන්නේ වගකීමක්. බොහෝ කාලයක් තනිකඩව ඉඳලා ඔබ විවාහ වුණා.. කොහොමද අලුත් ජිවිතේ..?
හොඳයි. ගොඩක් සතුටින් අපි දෙන්නා ජිවත් වෙනවා. කාර්ය බහුලකම එක්ක මට පහුගිය කාලෙම එයා එක්ක නිදහසේ කාලය ගත කරන්න බැරි වුණා. ඉදිරියේ දී අපි දෙන්නා හා පවුල වෙනුවෙන් කාලය වෙන් කරගන්න ඉන්නේ.

ඇයව මුණ ගැහෙන්නේ කොහොමද කියලත් කියමු..?
අපි දෙන්නම නුවර. අපි කාලයක් දැන හඳුනාගෙන හිටියා. යාළුවො වගේ කතා බහ කළා. පසුව ඇයව විවාහයට ගැලපෙන බව තේරුම් ගත්තා ඒ නිසා ආදරේ කරලා රිද්මාව විවාහ කරගත්තා.

කාලයක් රොෂාන් විවාහ වෙන්නේ නැහැ කියලත් කිව්වා නේද..?
ඔව්. මම කොහොමත් විවාහ වෙන්නේ නැහැ කියන මතයේමයි හිටියේ. රිද්මාත් විවාහ වෙන්නේ නැහැ කියන මතයේ ඉඳලා තියෙන්නේ. ඉතින් අපි දෙන්නගෙම අදහස් එක වගේ නිසා ගැළපෙනවා කියලා හිතුණා. ඒ නිසා විවාහ වුණා.

හැමෝටම කියලා විවාහ මංගල උත්සවයක් ගන්න බලාපොරොත්තු වෙන්නේ කවදාද..?
දෙන්නා දෙපැත්තේ ඉන්න එක තේරුමක් නැති නිසයි අපි විවාහ ගිවිස ගත්තේ. රිද්මා කැමති නැහැ ලොකුවට විවාහ උත්සව ගන්න. ඒ නිසා ඉදිරි කාලේ දවසක පොඩියට උත්සවයක් ගන්නවා.

රොෂාන්ගේ නිර්මාණ කටයුතු ගැනත් මතක් කරමු..?
මම ටෙලි නාට්‍ය 07ක විතර වැඩ කරනවා. තව හය 06ක් එන්න තියෙනවා. චිත්‍රපටත් කිහිපයකම වැඩ කළා. ඒවා ඉදිරියේ දී විකාශය වෙයි.

දැන් ආරාධනා ලැබෙනවා අඩු ද..?
එහෙම අඩුවක් නම් මම දකින්නේ නැහැ. මම ක්ෂේත්‍රයට ආ කාලයේ ඉඳලා අදටත් ඒ ඉල්ලුම එහෙමමයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here