”ගෑනු ළමයි ඇඳුම් මාරු කරන දිහා, නාන දිහා හොරෙන් බලාගෙන ඉන්නවා” – චතුරිකා පීරිස්

0
203

”කිසිම දෙයක් විශ්වාස කරන්නේ නැහැ”

”මමත් මහ හයියෙන් කෑ ගහන්න ගත්තා”

”එයා කොහේද යන්නේ කියලා මම මුලින්ම හොයා බැලුවා…”

චතුරිකා පිරිස් කියන්නේ පුංචි තිරයේ ඉන්න දක්ෂ නිලියක්. ඒ වගේම කැමරාව ඉදිරියට නිරන්තරයෙන්ම එන්නේ අහිංසක පෙම්වතියක් විදිහට. ඒ අහිංසකකමට බොහෝ දෙනා ඇයට ආදරේ කරනවා. චතුරිකා ඇයට සිදු වූ අපූරූ සිදුවීමක් මේ විදිහට පුවත්පතකට කතා කර තිබුණා.

අපි ඕනෑම කෙනෙක් තවත් කවුරුහරි දෙයක් කිව්වම ඒක විශ්වාස කරලා, තීන්දු තීරණ ගන්න අවස්ථා ඕනෑ තරම් තියෙනවානේ. හැබැයි ඉතින් ඒකෙන් වාසි අවාසි දෙකම සිදුවෙන්න පුළුවන්. ඒත් මම නම් කවුරු කොහොම කිව්වත් ඒ කියන දේ ඇහින් දකිනකම් ඒ දේ විශ්වාස කරන්නේ නෑ. අම්මා, තාත්තා, නංගී නෙමෙයි මහත්තයා කිව්වත් මගේ මේ පුරුද්ද වෙනස් වෙන්නෙම නෑ. හැබැයි ඉතින් මේක මා ගැන ගොඩාක් අය නොදන්නා රහසක්. ඇත්තටම මේක මටම ආවේණික පුරුද්දක් කියලා වෙලාවකට මට හිතෙනවා. මොකද මගෙ ඇහින් දකිනතුරු මම කිසිම කෙනෙක් කියන කිසිම දෙයක් විශ්වාස කරන්නේ නැහැ. ඔය පුරුද්ද හින්දා විවිධාකාර අත්දැකීම්වලට මුහුණ දෙන්නත් මට සිදු වෙලා තියෙනවා. ඒත් මට ඔය පුරුද්දෙන් මිදෙන්නම බැහැ.

මේ පුරුද්ද කොයි කාලේ ඉඳන් මගේ ජීවිතේට එකතු වූ එකක්ද කියලා කියන්න නම් මම දන්නේ නැහැ. හැබැයි පුංචිම පුංචි කාලේ ඉඳන්ම මට මේ පුරුද්ද තිබුණු බව නම් මතකයි. සාමාන්‍යයෙන් පුංචි ළමයෙකුට කළුවර පෙන්නලා ”අන්න අතන ළමයි අල්ලන බිල්ලෝ ඉන්නවා” කිව්වම කවුරුත් බය වෙනවනේ. ඒත් මම නම් එහෙම නැහැ. මට එහෙම කිව්වොත් පුංචි මම කරන්නේ කළුවර තියෙන තැනට ගිහින් බිල්ලෙක් ඉන්නවද කියලා ඇත්තටම බලන එකයි.

පුංචි ළමයි බිල්ලන්ට වගේම හොරුන්ටත් බයයි. ඒත් මම එහෙම නැහැ. ඒ දවස්වල අපේ ගෙවල් පැත්තේ එක්තරා හොරෙක් හිටියා. හැබැයි එයාට හොරෙක් කිව්වට කාගෙවත් කිසි දෙයක් හොරකම් කරන්නේ නැති, පාරේ යද්දීත් බිම බලාගෙන යන කෙනෙක්. එයාට ‘හොරා’ කියන්න හේතුව තමයි රෑට ගෙවල්වල ජනෙල්වලින් එබිලා බලන එකයි, ගෑනු ළමයි ඇඳුම් මාරු කරන දිහා, නාන දිහා හොරෙන් බලාගෙන ඉන්න එකයි, දවසක් හවස් යාමේ මෙයා හිමින් හිමින් පාරෙ යනවා. මට දැන් ඕනෑකම තියෙන්නේ මෙයා ඇත්තටම හොරෙක්ද කියලා දැනගන්නයි. ඉතින් මෙයා කොහේද යන්නේ කියලා මම මුලින්ම හොයා බැලුවා. එයා ගියේ ළඟ තිබුණු ගෙයක් ගාවටයි. මමත් මේ හොරාගෙ පස්සෙන් ගියා. ඊට පස්සේ වෙච්ච දේ බලාගෙන ඉඳලා මම තාත්තාට කිව්වා. එතනින් පස්සේ වෙච්ච දේ අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. වටාපිටාවේ හිටපු හැමදෙනාම එකතුවෙලා මේ කියන මනුස්සයාට අමතක නොවන පාඩමක් කියලා දුන්නා.

තවත් දවසක් මාවයි නංගිවයි ළඟ ගෙදරක නවත්තලා අම්මලා ගමනක් ගියා. රෑ වෙලා අපි ආයෙම එද්දී ගේ දොර ඇරලා. ”ගෙට හොරු පැනලා” කියලා අම්මා මහ හයියෙන් කෑ ගැහුවා. කිසි කෙනෙක් ගෙට ඇතුළු වුණේ නැත්තේ තවමත් ගේ ඇතුළේ හොරු ඉන්නවද කියලා දන්නේ නැති නිසයි. ඒත් මගේ හිතේ තියෙන්නේ වෙන සිතුවිල්ලක්. මගේ කාමරේ අල්මාරියේ මම ආසම කරන මාලයක් තිබුණා. ”ගෙට හොරු පැන්නද? ඒ මාලෙත් ගත්තද?” කියන කුතුහලය තමයි මගේ ඔළුවේ තිබුණේ. අම්මා එපා කියලා කෑ ගහද්දීත් මම ගේ ඇතුළට දුවලා කාමරේ අල්මාරිය ඇරලා බැලුවා. අල්මාරියේ මේ කියපු මගේ මාලේ තිබුණෙ නෑ. ඒ වෙලාවේ තමයි ඇත්තටම හොරු පැනලා කියලා මම විශ්වාස කළේ.

ඔන්න ඊට පස්සේ ”මෙන්න අපේ ගෙදරට හොරු පැනලා” කියලා මමත් මහ හයියෙන් කෑ ගහන්න ගත්තා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here