”ගෙදර එනකොට රෑ 11.30 විතර වෙලා, සිහිය නැතිවෙන්න ගැහුවා” – චතුරිකා පීරිස්

0
17226

චතුරිකා පිරිස් කාලයක් පුංචි තිරය පෙම්වතියගෙන් ආක්‍රමණය කරගත් චරිතයක්. කටකතා එක්ක විවිධ ප්‍රශ්න මැද්දේ කලාව එක්ක හැප්පෙන ඇය විටෙක අහිංසකම පෙම්වතිය වුණා. මේ ඇය ගැන තොරතුරු පුවත්පතක සඳහන් වූ අයුරුයි.

සිහිය නැතිවෙන්න ගැහුවා

මගේ පවුලම කලාවට සම්බන්ධයි. අම්මා, තාත්තා, නංගී අපේ පවුලේ සාමාජිකයන්. තාත්තා ජයන්ත පීරිස් ගුවන්විදුලි සංස්ථාවේ වගකිවයුතු තනතුරක් දැරුවා. අම්මා රූපලාවන්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. නංගී පුර්ණිකා පීරිස් නිවේදන ක්ෂේත්‍රයට සම්බන්ධව කටයුතු කරනවා.

අපිට කුඩා කාලයේ දි නිවසේ දකින්න ලැබුණේ හරිම කාර්ය බහුල පරිසරයක්. දෙමව්පියන් කාර්ය බහුලවීම හේතුවෙන් කුඩා කාලයේ අප දෙදෙනාම හැදී වැඩුණේ මෙහෙකාරියන් ළඟ. ඒ නිසා වෙන්නැති අපි නිතරම දබර කර ගත්තේ. මට මතකයි දවසක් නංගි මට හොඳටම ගහලා කවකට්ටකින් මගේ අත හිල්වෙන්න ඇන්නා. මට ඉවසන්න බැරිම තැන නංගිට ගැහුව පාරට නංගි කලන්තෙ දාලා ඇදගෙන වැටුණා. වැඩට හිටිය ආන්ටි හොඳටම බයවෙලා. පස්සෙ මම ම වතුර ගහලා නංගිට සිහිය ගත්තා. එදායින් පස්සෙ අපි දබර කර ගත්තෙ නෑ.

දැල් පන්දු ශූරියක්

හැම කෙනකුටම වගේ මටත් පාසල් ගිය පළමු දවස ජීවිතයේ සදාතනික මතකයක්. එදා කොළඹ මියුසියස් විද්‍යාලයට පිය මැන්නෙ බලාපොරොත්තු ගොන්නකුත් එක්ක. පළමු දවසේ අම්මාත් සමග පාසලට ගියත් අම්මා පාසල් ගේට්ටුව ළඟට ගිහින් මාව දාලා ආවා.

එහෙමයි කියලා බයක් දැනුණේ නෑ. එදා පටන් කොළඹ මියුසියස් විද්‍යාලයේ කැපී පෙනෙන ශිෂ්‍යාවක ලෙස උසස් පෙළ දක්වා ඉගෙනුම ලැබුවා. හොඳම දැල් පන්දු විදින්නිය ලෙස රන් සම්මානයක් පවා හිමිකර ගත්තා. ක්‍රීඩා කටයුතු මෙන්ම වෙනත් බාහිර ක්‍රියාකාරකම් සඳහාත් චතුරිකා කියන්නේ පාසලේ ජනප්‍රිය චරිතයක්. 1999 උසස් පෙළ විභාගයට පෙනීසිට හොඳින් සමත් වුණත් රඟපෑමට ඇති කැමැත්ත නිසා වැඩි දුර අධ්‍යාපනයට නොගොස් රඟ පෑමට එක්වුණා.

සම්මාන දිනා ගත්තා

‘සූරිය දරුවෝ’ ටෙලිනාට්‍යයට කළ රංගනය වෙනුවෙන් 2003 දී හොඳම නැගී එන නිළියට හිමි සම්මානය හිමි කර ගත්තා. එදා දවසේ ඒ නුහුරු අත්දැකීම විඳගත්තේ පුදුම සතුටකින්. ඉන් පසුව 2005 වසරේ දි ‘ආදරණීය වස්සානය’ චිත්‍රපටයට නැගී එන නිළියට හිමි සම්මානයත් ‘ස්වයංජාත’ ටෙලිනාට්‍යයේ රංගනයට හොඳම නිළියට හිමි රාජ්‍ය සම්මානයත් හිමි කර ගත්තා. වයස 17 දි විතර මට තිබුණා පොඩි කාර් එකක්. දවසක් මමයි නංගියි ඒ කාර් එකේ යාළුවෙකුගේ උපන්දින පාටියකට ගියා.

ගෙදර එනකොට රෑ 11.30 විතර වෙලා. කාර් එකෙන් බැහැපු ගමන්ම ”අන්න තාත්තා බලන් ඉන්නෙ අද හොඳවයින් දෙකක් කියන්න” කියා අම්මා ඇඟට කඩාගෙන පැන්නා. අපිත් බයෙන් බයේ ගෙට ගියා. තාත්ත ඉන්නව පුටුවක වාඩි වෙලා. මොකද අද ගෑනු ළමයි දෙන්නා මෙච්චර ඉක්මනට ආවෙ මම හිතුවෙ තවත් රෑ වෙයි කීවා එච්චරයි. අම්ම තාත්තට ගස්සගෙන ගෙට ගියේ මේ බුරුල නිසා මේ ළමයි දෙන්න හදන්න හම්බවෙන්නෙ නෑ. ආපහු මොනවා කළත් මම මුකුත් කියන්නෙත් නෑ හොයන්නෙත් නෑ කියාගෙන.

2005 වසරේ දවසක ගියා මහේන්ද්‍ර පෙරේරා පැවැත් වූ රංගන වැඩමුළුවකට ඔහුව හමුවෙන්න. එහි රංගනය හදාරන්න පැමිණි තරුණ පිරිමි, ගැහැනු ළමයින් පිරිසට මහේන්ද්‍ර අයියා මාව හඳුන්වා දුන්නේ ක්ෂේත්‍රයේ පරිනත රංගන ශිල්පිණියක් ලෙසින්. ඒ අවස්ථාවේ එතන හිටිය එක පිරිමි ළමයෙක් ඉතා අහිංසක ලෙස මාත් සමග සිනා සුණා.

පසුකාලීනවයි දැනගත්තෙ ඒ ගයාන් වික්‍රමතිලක කියා. ගයානුත් මමත් නැවතත් මුණගැසුණේ 2011 දී වසර හතකට පසුව ‘බිඳුණු සිත්’ ටෙලි නාට්‍යයයේ මුහුරත් උළෙල දින. එදාත් ගයාන් දුටුවිට හුරු පුරුදු ගතියක් දැනුණා. ඉන් පසුව අප දෙදෙනා ‘සේපාලිකා’ ටෙලි නාට්‍යයේ පෙම්වතුන් ලෙස රඟපෑවා. ඔය කාලයේ දි අපි නොදැනුවත්වම පෙම්වතුන් බවට පත් වෙලා. විවිධ ගැටුම් රැසක් මැද අපේ ආදරය දිනන්න අපි වාසනාවන්ත වුණා.

තාත්තා රෝගී වුණා
පසුගිය කාලයේ තාත්තා රෝගීව දින 26 ක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබුවා. තාත්තාව ජීවත් කරන්නට අපි සෑහෙන්න කැප කිරීමක් කළා. තාත්තාට කරදරයක් වෙයි කියා අපි හරිම බයෙන් සිටියේ.

මා රඟපෑ ‘හිතුවක්කාරයා’ ටෙලි නාට්‍ය මේ දිනවල විකාශනය වෙනවා. එයට අමතරව අලුත් ටෙලි නාට්‍යක් නිෂ්පාදනය කිරීමේ බලා පොරොත්තුවක් තිබෙනවා. මගෙත් ගයාන්ගෙත් අලුත් නිවසේ ඉදි කිරීම් වැඩ ආරම්භ කළා. එය ඉක්මනින් නිම වෙනවා දැකීමයි මගේ ආසාව. ගෙවුණු අතීතයේ නොයෙක් දේවල් සිදුවුණා ඒවායින් අමතක කළ යුතු දේවල් අමතකකර මතකයේ තබාගත යුතු දේ මතකයේ රඳවාගෙන අනාගතේ සාර්ථක කර ගැනීමයි බලාපොරොත්තුව.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here