චීන මුදල් රුපියල ශක්තිමත් කරයි

0
32

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව වාර්තාගත අන්දමින් අවප්‍රමාණය වූ රුපියලේ අගය මේ වනවිට ප්‍රකෘතිමත්වීමක් දක්නට ලැබේ.

මහබැංකුව ඊයේ (28) නිකුත් කළ නවතම දත්තවලට අනුව අමෙරිකානු ඩොලරයට සාපේක්ෂ ව රුපියලේ විකුණුම් අගය දැක්වුණේ 159යි ශත 85 ක් ලෙසයි.

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පසුගිය 18 වැනි දා 161 සීමාව ඉක්මවා ගිය අතර, ඉතිහාසයේ රුපියල අව ප්‍රමාණය වූ වැඩිම අගය ලෙස එය දැක් විය.

කෙසේ වෙතත්, පසුගිය දා චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ස් සමාගම හම්බන්තොට වරාය ගිවිසුමේ ඩොලර් මිලියන 584ක් වූ අවසන් ණය වාරිකය මෙරටට පිරිනැමීමත් සමග රුපියලේ ප්‍රකෘතිවීමක් යළි දක්නට ලැබෙන බව ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය සිරිමල් අබේරත්න ප්‍රකාශ කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here