ලක්ෂ 48කට අධික මැණික් තොගයක් සමග චීන කතක් අත්අඩංගුවට

0
3

මැණික් තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ චීන ජාතික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපොළේ දී රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

35 හැවිරිදි එම චීන කාන්තාව ශ්‍රී ලංකාවේ පුද්ගලයෙකු සමග විවාහ වී වසර 12ක පමණ කාලයක් මීගමුව ප්‍රදේශයේ පදිංචිව සිටින්නියකි.

ඇය ඊයේ (03) රාත්‍රී 11.30 ට පමණ තායිලන්තයේ බැංකොක් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යු.එල්- 407 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති “හරිත මාවත ‘ (Green Chanel) ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටිය දී , ඇයගේ ගමන් මල්ලේ සඟවා ගෙන තිබූ මෙම මැණික් තොගය රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබේ.

එහි විශාල මැණික් කැට 18 ක් සහ කුඩා ප්‍රමාණයේ මැණික් කැට විශාල ප්‍රමාණ වශයෙන් වූ පාර්සල 13ක් ද තිබූ අතර , එම මැණික් තොගයේ වටිනාකම රුපියල් 48,64,777 ක් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න පවසයි.

මැණික් තොගය රාජසන්තක කළ අතර එම චීන කාන්තාවට රුපියල් 40,000 ක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here