කොළඹ– මහනුවර අධිවේගී මාර්ගය 2020 ඡන්දයට පෙර ජනතා අයිතියට

0
24

කොළඹ– මහනුවර අධිවේගී මාර්ගය 2020 පාර්ලිමේන්තු මහා මැතිවරණයට පෙර විවෘත කිරීමටබලාපොරොත්තු වන බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා ඇත්තේ..“කොළඹ -මහනුවර අධිවේගී මාර්ගයේ තැනීම් කටයුතු කොටස් තුනක් වශයෙන් ආරම්භ කොට තිබෙනවා. එහිකඩවත සිට මීරිගම දක්වා මුල් කොටසේ ඉදිකිරීම් චීන සමාගමකට භාර දී තිබෙනවා.මීරිගම සිට කුරුණෑගල දක්වා දෙවෙනි කොටස දේශීය සමාගමකට භාරදී තිබෙනවා.පොතුහැර සිට ගලගෙදර දක්වා තුන්වනකොටස ජපන් සමාගමකට භාර දී තිබෙනවා. මේ පෙර විවෘත කිරීමට අපි බලාපොරොත්තුවනවා.” යනුවෙනි.

ඔහු මේ බව පවසා සිටියේ ගණේමුල්ල දුම්රිය මාර්ගය හරහා ඉදිවූ ගුවන් පාලම විවෘත කිරීමෙන් අනතුරුව ඊයේ (11)‍ පැවති උත්සවයක් අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here