රියැදුරු බලපත්‍රයට පරිගණක විභාග පරීක්ෂණයක්

0
6

රියැදුරු බලපත්‍ර ලබාදීම සඳහා පවත්වන ලිඛිත විභාගය පරිඝනක පද්ධතියක් හරහා සිදුකිරීම අද (12) සිට ආරම්භ වේ.

වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තු කාර්යාලයේ දී මෙය ප්‍රථමයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි සඳහන් කරයි.

ඒ සඳහා පරිඝනක යන්ත්‍ර 143ක් සවිකර ඇති අතර, අනතුරුව මෙය දිවයිනේ සෙසු ප්‍රදේශවලට ව්‍යාප්ත කරන බව ද ඔහු සඳහන් කළේ ය.

පරිගණක තිරය මත දිස්වන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම එහි දී සිදුවන අතර, ප්‍රශ්ණ පත්‍රරයට පිළිතුරු සපයා අවසන් වනවිට අපේක්ෂකයා ලබාගත් ලකුණු ප්‍රමාණය පරිගණක තිරය මත ඒ මොහොතේම දිස්වන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා කියා සිටියේ ය.

මෙම ක්‍රමවේදය හරහා රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම කඩිනම්වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here