හෙරොයින් සමග අඹුසැමි යුවළක් අත්අඩංගුවට

0
7

බණ්ඩාරගම, රයිගම, කැන්දමණ්ඩිය ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 330ක් සමග කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (30) පස්වරුවේ අත්අඩංගුවට ගත් මෙම සැකකරු සහ සැකකාරිය අඹුසැමියන් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගැණුනු සැකකරු 26 වැනි වියේ පසුවන අතර සැකකාරිය 23 වැනි වියේ පසුවන්නියක් බව වාර්තා වේ.

ඔවුන් අද (01) දින හොරණ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here