තරුණවියේ අඹුසැමි යුවළක් රිය අනතුරකින් ජිවිතක්ෂයට

0
77

මැදවච්චිය කරම්බන්කුලම ප්‍රදේශයේ දී වෑන් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් යතුරුපැදියේ ගමන් කළ අඹු සැමි යුවළක් ජිවිතක්ෂයට පත් ව තිබේ.

අද (20) පෙරවරුවේ සිදු වූ එම අනතුරෙන් මියගොස් ඇත්තේ මැදවච්චිය ගල්කන්දේගම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

මියගිය කාන්තාව වයස අවුරුදු 21 තරුණියක්වන අතර ඇයගේ සැමියා 25 හැවිරිදි වියේ පසු වූ අයෙකු බව පොලිසිය සදහන් කරයි.

වෑන් රථයේ රියදුරා ද තුවාල ලබා මැදවච්චිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර මැදවච්චිය පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here