විජයකලාගේ ප්‍රකාශය ඇතුළත් වීඩියෝ පට ලබාදෙන ලෙස අධිකරණ නියෝගයක්

0
3

එල්ටීටීඊ ත්‍රස්තවාදය යළි පිහිටවිය යුතු යැයි පවසමින් ළමා හා කාන්තා කටයුතු බාර හිටපු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් කළ ප්‍රකාශය ඇතුළත් සංස්කරණය නොකළ වීඩියෝ පට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වෙත ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මාධ්‍ය ආයතන 05ක ප්‍රධානීන් වෙත නියෝගයක් නිකුත් කර තිබේ.

හිටපු රාජ්‍ය අමාත්‍යවරිය මෙම ප්‍රකාශය සිදුකර තිබුණේ ඉකුත් 02 වැනි දා යාපනය වීරසිංහම් ශාලාවේ පැවති රාජ්‍ය උත්සවයක දී ය.

සිංහල රාවයේ ජාතික සංවිධායක මාගල් කන්දේ සුදත්ත හිමියන් විසින් සංවිධායක අපරාධ නිවාරණ කොට්ඨාසය වෙත කළ පැමිණිල්ලකට අනුව එහි අධ්‍යක්ෂක ප්‍රියන්ත ලියනගේ විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here