ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා හදිසි තීරණයක් ගනී

0
153

සිය පියාගේ අභාවය හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් චාරිකාවෙන් ද ඉවත් වී තිබේ.

රත්මලාන – ඥානේන්ද්‍ර පාර ප්‍රදේශයේ දී ඊයේ (24) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා අභාවප්ත විය.

ඊයේ රාත්‍රී 08.30ට පමණ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලැබී ය.

ඒ අතර සිටි ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියාවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙහිවල, ගල්කිස්ස මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී කේ. රංජන්ද සිල්වා මිය ගියේ ය.

රත්මලාන, වෙරළපාරේ පදිංචි ඔහු මියයන විට 62 වැනි වියේ පසු විය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here