සුරා අපරාධකරුවන් 25,214ක් අත්අඩංගුවට

0
2

මෙම වසරේ ගත වූ මාස 06 තුළ සුරා අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයින් 25,214 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

සුරාබදු නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් සිදු කළ වැටලීම්වල දි ඔවුන් අත්අඩංගුවට ගත් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරය.

අත්අඩංගුවට ගත් පිරිස අතර නීති වීරෝධී ලෙස මධ්‍යසාර ස්ප්‍රීතු නිපදවීම හා නීති විරෝධී ලෙස අළෙවි කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 19,145 දෙනෙකුවන බව වාර් තා වේ.

හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සම්බන්ධයෙන් 3081 දෙනෙකු හා දුම්කොල අපරාධවලට සම්බන්ධ 3463 දෙනෙකු අත්අඩංගුවට ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම සුරාබදු බලපත්‍රලාභී ස්ථානවල සිදු වූ වැරදි සම්බන්ධයෙන් ද පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේවෙතත් පසුගිය වරට සාපේක්ෂව එම අක්‍රමිකතා වාර්තාවීම අවම මට්ටමක පැවතීම සුවිශේෂි තත්ත්වයක් බව ද සුරාබදු දෙපාර්තමේන්තුව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here