නිවසක තනිව සිටි කාන්තාවකගේ ගෙළ කපා ඝාතනය කරයි

0
13

යාපනය, මානිප්පායි සංගරපිල්ලේ ප්‍රදේශයේ දී අද (28) කාන්තාවකගේ ගෙළ කපා ඝාතනය කර ඇති බව යාපනය මානිප්පායි පොලීසිය පවසයි.

පොලිසිය පැවසූවේ වයස අවුරුදු 70ක් වු කන්දයියා නිලාදේවි නමැති කාන්තාවක් එලෙස ‍ඝාතනය කර ඇති බවයි.

අදාළ කාන්තාව ජිවත් වූ නිවස වෙත පැමිණි පිරිසක් අදාළ කාන්තාව ඝාතනය කර පළා ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

පොලීසිය වැඩිදුරත් පැවසූවේ තුවාල ලැබු කාන්තාව අදාළ නිවස තුළම ජිවිතක්ෂයට පත් ව ඇති අතර, ඝාතනය සිදුකළ පුද්ගලයා සොයා පරීක්ෂණ මෙහෙවන බවයි.

ප්‍රදේශවාසීන් පැවසූවේ මියගිය කාන්තාව තනියවම ජිවත් ව ඇති අතර, කලෙක පටන් පැවති ඉඩම් ආරවුලක් හේතුවෙන් අදාළ ඝාතනය සිදුව ඇති බවට සැක පළ කරන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මානිප්පායි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here