ක්‍රිකට් අත්හැර දැමූ ඩේවිඩ් වෝනර් බදාම අනන්න ගත්ත හැටි(VIDEO)

0
216

තරඟ තහනමකට ලක්වූ ඕස්ට්‍රේලියා සුපිරි පිතිකරු ඩේවිඩ් වෝනර් ඉදිකිරීම් සිදුකෙරෙන ස්ථානයක අත් උදව් ලබාදෙන අයුරු දැක්වෙන ඡායරූප පෙළක් අන්තර්ජාලයට එක්වී තිබේ.

මේ සමගම නැවතත් ලෝකයේම අවධානය මේ වෙත යොමුවී තිබේ.

කෙසේ වෙතත් එම ඡායරූප වල ඇත්තම කතාව මේ වනවිට ඔහුම ප්‍රකාශ කර තිබේ.

ඔහු පවසන්නේ තමන් මේ දිනවල සිඩ්නි හි නිවසක් ඉදිකරන බවත් එය තමන්ගේම නිවස බවත්ය.

වෝනර් වැඩිදුරටත් පවසන්නේ ක්‍රීඩකයෙක් ලෙස සිය ශරීර යෝග්‍යතාව පවත්වාගැනීම උදෙසා එම නිවසේ ඉදිකිරීම් සඳහා අත් උදව් ලබදීමට තීරණය කළ බව ය.

එහිදී ලබාගත් ඡායාරූප පෙළක් මෙලෙස අන්තර්ජාලයට එක්ව ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here