දෙසැම්බර් 08 යහපාලන ජාතික ආණ්ඩුවට තීරණාත්මකයි

0
63

2015 ජනවාරි 08 වැනිදා මේ රටේ ජනයාගෙන් බහුතරයක්‌ (හැට දෙලක්‍ෂයක්‌) සිය ඡන්දය ලබා දෙමින් ජනාධිපති ධුරයට පත්කර ගත් මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ එම ධුරයට වසර 03 ක්‌ සපිරෙන 2018 ජනවාරි 08 වැනි දිනයට හරියට ම මසකට පෙර එළැඹෙන දෙසැම්බර් 08 වැනිදා ශ්‍රී ලංකාවට සමාජ, ආර්ථික හා දේශපාලනික වශයෙන් තීරණාත්මක වේද යන ප්‍රශ්නය නැඟීම කිසියම් ආකාරයකට හිතලුවක්‌ නම් නොවේ. ඒ බව තහවුරු කිරීමට අදාළ සාක්‍ෂි සාධක ගෙනහැර දැක්‌වීම වැදගත් වේ. එසේ විමසා බැලිය යුතු සාධක කිහිපයක්‌ නොවලහා දැක්‌වීමට මා මෙය අවස්‌ථාව කර ගතිමි.

1. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැ`දුම්කර දූෂණ අක්‍රමිකතාවන් පිළිබඳව විමර්ශනය කිරීමේ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ වාර්තාව නීතීඥවරයා වෙත පිළිගැන්වීමට නියමිත ව ඇත්තේ දෙසැම්බර් මස 08 වැනිදාටය.

2. ශ්‍රී ලංකාවේ 2018 වසර සඳහා ඉදිරිපත් කෙරුණු අය වැය ලේඛනය තෙවැනි වර කියවා පාර්ලිමේන්තුවේ ඡන්දය විමසීමට නියමිතව ඇත්තේ ද එදිනටය.

3. ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී. ල. නි. පක්‍ෂයේ කොටසක්‌ එක්‌සත් ජාතික පක්‍ෂය හා එක්‌ව වසර දෙකක්‌ උදෙසා ගොඩනැඟූ යහපාලන ආණ්‌ඩුවේ ගිවිසගත් කාලය නිමා වී ජනාධිපතිතුමන්ගේ ඉල්ලීම මත ඇතිකරගත් අතිරේක කාලයක්‌ දෙසැම්බර් 08 වෙනි දිනට නිමාවීමට නියමිතව ඇත්තේ ද මේ 08 වැනිදාට ය.

මෙම සිද්ධීන් තුනම ශ්‍රී ලංකාවේ යහපාලන ආණ්‌ඩුවට පමණක්‌ නොව ශ්‍රී ලංකාවටත්, එහි ජනයාටත් සමාජ, ආර්ථික හා දේශපාලනික වශයෙන් බරපතල බලපෑමක්‌ ඇති කිරීමේ සම්භාවතාව සුළුපටු නොවන බව තර්කානුකූල සත්‍යයකි. එය යහපාලන ආණ්‌ඩුවේ පැවැත්මටත් වඩා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ පැවැත්මට තීරණාත්මකව බලපෑ හැකිය යන්න ලාංකීය දේශපාලන විශ්ලේෂකයන්ගේ මතය වී ඇත. එය එසේ වන්නේ කෙසේ ද යන්න විමසා බැලීම වැදගත් වේ.

ශ්‍රී ලංකාවේ පමණක්‌ නොව ලෝක ඉතිහාසයේ කිසියම් රාජ්‍යයකට අයත් මහ බැංකුවක්‌ තුළ සිදු වූ දැවැන්ත ම වංචාව හෝ හොරකම 2015 පෙබරවා 27 වැනිදා ශ්‍රී ලංකාවේ සිදු වූ දැවැන්ත ම බැඳුම්කර වංචාව හා හොරකම බවට වාර්ථා පොත් අතරට ගිය අප්‍රසන්න වූත්,ඛේදජනක වූත්, බිහිසුණු වූත් අපරාධ බව තර්කානුකූලය.

ඉදිරි වසර 30 ක්‌ පුරාවට ශ්‍රී ලංකාවටත්, එහි දිවි ගෙවන ජනතාවටත් අතිශය අයහපත් ලෙස නිසැකව ම බලපාන මෙම සිද්ධිය සොයා බැලීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් ජනාධිපති කොමිසමක්‌ පත් කිරීම යහපත් තීරණයකි. එහෙත් එම කොමිසම 1971 ද සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ රජය විසින් පත් කළ අපරාධ, යුක්‌ති විනිශ්චය කොමිෂන් බදු විමර්ශනයෙන් පසුව සොයා ගන්න වැරදිකරුවන්ට ද`ඩුවම් නියම කිරීමේ අධිකරණමය බලතල අහිමිව තිබීම ඒ පිළිබ`ද ව හැදෑරීමක්‌ ඇති විද්වත් ජනයාගේ කණස්‌සල්ලට හේතු වී ඇති බවත් සඳහන් කිරීම වැදගත් ය.

ඒ වාගේ ම ජනාධිපති කොමිසම මගින් සිය විමසීම් කටයුතුවලදී වගඋත්තර කරුවන්ගෙන් සාක්‍ෂිකරුවන් බහුතරයකගෙන් දැඩි ප්‍රශ්න කිරීමක්‌ සිදු කිරීමට කොමිසමේ සාමාජික කොමසාරිස්‌වරුන් මෙන් ම නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළ විද්වත් නිලධාරීන් තුළ පවතින්නේ බලවත් ප්‍රසාදයකි. සතුටකි. කොමිසම පිළිබඳව ජන විශ්වාසය ගොඩනැඟීමට එය බලපෑවේය.

එහෙත් එම කොමිසම හමුවට ප්‍රශ්න කිරීම හෝ කරුණු විමසීම උදෙසා කැඳවූ වත්මන් ආණ්‌ඩුවේ එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ශ්වය නියෝජනය කරන ආමාත්‍යවරුන් වෙතින් හෝ අග්‍රාමාත්‍යවරයා විසින් එබඳු ප්‍රශ්න කිරීමක්‌ සිදුකිරීමට නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළ උසස්‌ විද්වත් නිලධාරීන්ට අවස්‌ථාව නොදීමත්, අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීමට නීතිපතිවරයා තමන් ම ඉදිරිපත් වීමත්, එම ක්‍රියාදාමය කිසියම් ආකාරයක පක්‍ෂපාතීත්වයක්‌ ප්‍රදර්ශනය වීමක්‌ පිළිබ`දව මේ රටේ විද්වතුන් අතර පමණක්‌ නොව පොදු මහජනතාව තුළ ද කුකුසක්‌, සැකයක්‌, අවිශ්වාසයක්‌ මෙන් ම කලකිරීමක්‌ ද පවතින අයුරු පසුගිය කාලය තුළ ජනමාධ්‍ය මගින් එළිදැක්‌වුණි.

එම පසුබිම තුළ ලබන දෙසැම්බර් 08 වැනි දිනට නීතිපතිවරයා විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරෙන කොමිසමේ වාර්තාව කුමන තත්ත්වයක පවතිනු ඇද්ද යන සැකයක්‌, අවිශ්වාසයක්‌ වර්ධනය වෙමින් පවතින අයුරුත් සමාජ දේහය තුළ දක්‌නට ඇත.

ලංකාවේ පමණක්‌ නොව ලෝක මටටමේ වාර්කා තබා ඇති මහ බැංකු බැඳුම්කර වංචාවක්‌, හොරකමක්‌ මෙරට තුළ සිදු වී ඇති බවත්, එයට නිලධාරීන්, ව්‍යාපාරිකයන් පමණක්‌ නොව දේශපාලන බල අධිකාරයේත් විවිධ මට්‌ටමේ සහයෝගය දායකත්වය ආශිර්වාදය ලැබී ඇති බවත් මෙරට සමාජයේ උගත් නූගත් සියලුදෙනා අතර පමණක්‌ නොව පූජ්‍ය පූජක ක්‍ෂේත්‍රයේත් මතය බවට පත්ව තිබෙන පරිසරයක මෙරට නීතිපතිවරයා ඉදිරපත් කරන මෙම කොමිසමේ වාර්ථාව යහපාලන රජය නීතිමය හා යුක්‌තිය මැන බලන ප්‍රධානතම සාධකය වනු නොඅනුමානය.

කෙසේ හෝ දෙසැම්බර් මස 08 වෙනි දිනට ජනාධිපතිතුමා වෙත කොමිසමේ වාර්ථාව ලැබීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් යහපාලන ආණ්‌ඩුවේ පැවැත්මට වඩා මේ රටේ මිලියන 22 ක ජනතාවගේත්, ශ්‍රී ලංකා මාතාවගේත් අනාගත තාන්ත්‍රිකයෙකු ලෙසින් ඉතිහාසයට එක්‌වනු ඇත යන්න ජනතාවගේ පරම පවිත්‍ර අපේක්‍ෂාවය. එළඹෙන දෙසැම්බර් 08 දා ශ්‍රීs ලංකාවටත් යහපාලන ආණ්‌ඩුවටත්, පොදුමහ ජනතාවටත් තීරණාත්මක දිනයක්‌ වන පළමු සාධකය වන්නේ එයයි.

දෙවැනි සාධකය පිළිබ`ඳව මීළ`ගට සැකවින් පියමං කිරීමේ අපේක්‍ෂාවෙන් සකස්‌ කළ අය – වැයක්‌ ලෙසින් මෙය නම් කිරීමට මධ්‍යස්‌ථ හා ප්‍රගතිශීලී ආර්ථික හා දේශපාලනික විශ්ලේෂකයන් පෙළඹී තිබේ. 2001 – 2004 පාලන සමය තුළදීත් යළි පුබුදමු ශ්‍රී ලංකා නමින් එම ක්‍රියාවලිය ම සිදු කිරීමට උත්සාහ කළ අවස්‌ථාවේ එහි අහිතකර භාවය නිසිලෙස අවබෝධ කරගත් එවක ශ්‍රී. ල. නි. ප. ය ප්‍රමුඛ ප්‍රගතිශීලී ක`දවුර මගින් එම උත්සාහය සුණුවිසුණු කළ ආකාරය පාඩමකට ගෙන මෙදා වික්‍රමසිංහ මහතා ශ්‍රී. ල. නි. ප. යෙන් කොටසක්‌ කඩා ප්‍රගතිශීලි ක`දවුර බි`ද දමන බව ප්‍රගතිශීලීs කඳවුරේ මතය වී ඇත.

ධනේෂ්වර ආර්ථික විද්‍යාවේ පවා ප්‍රමුඛ ඉගැන්වීමක්‌ වන නිෂ්පාදන සාධක වන භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය හා ව්‍යවසාය ලොවට සහමුලින් ම විවෘත කිරීම මෙම අය-වැය ලේඛනයේ ප්‍රමුඛතම අරමුණකි. එය ශ්‍රී ලං. නි. පක්‍ෂයේ පදනම බිඳ දැමීමේ ක්‍රියාවලියක්‌ වීමත් සුවිශේෂ කාරණයක්‌ වන්නේ ශ්‍රී ලං. නි. පක්‍ෂ නායකත්වයේ ද දායකත්වයෙන් එය සිදු කිරීමට වික්‍රමසිංහයන් උපායශීලී වීමත් නිසා ය.

ශ්‍රී. ලං. නිදහස්‌ පක්‍ෂ නිර්මාතෘ දිවංගත බණ්‌ඩාරනායකයන් සිය ආණ්‌ඩුවත්, ජීවිතයත් අවදානමට ඇද දමමින්, සියවස්‌ ගණනාවක්‌ මු`ඵල්ලේ පීඩාවට පත් ව සිට ගොවි ජනයාගේ අයිතීන් සුරැකීමත්, සහනයක්‌ අත්කර දීමත් අරමුණු කොට සම්මත කළ පිළිප් ගුණවර්ධනයන් නිර්මාණය කළ සුපතල කුඹුරු පනත මෙවර යහපාලනය රජයේ අය-වැය ලේඛනය ම`ගින් අහෝසි කිරීමට යෝජනා කර තිබේ.

ශ්‍රී ල. නි. ප. නිර්මාතෘ දිවංගත බණ්‌ඩාරනායකයන්ගේ 56 වන විප්ලවය වඩාත් ජනතාවාදී වූයේ කුඹුරු පණත ය. එම පනත සැලසුම් කිරීමේදී ම රටේ සිටි ඉඩම් හිමි රදළ ප්‍රජාවත්, ශ්‍රී. ලං. නි. ප යේ ම අභ්‍යන්තරයේ සිටි දක්‍ෂිණාංශික කණ්‌ඩායමත් එම පනතට එරෙහිව සුප්‍රකට ගෝර්ඩන් උද්‍යාන කුමන්ත්‍රණය සිදු කරමින් නොනැවතී කොළඹ අ`ගුරු මඩුවේ හා වරායේ කම්කරුවන් ව අමුඩයෙන් සරසවා පනතට එරෙහි ගොවිජන පෙළපාලියක්‌ …… නිර්මාණය කරමින් බණ්‌ඩාරනායකයන්ට පිලිප් ගුණවර්ධනයන් අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලෙසට ආණ්‌ඩුවට බලපෑම් කළ ආකාරයක්‌ ප්‍රකට සිද්ධීන් ය. පනත අත්හිටුවා ගැනීම මෙන් ම ප්‍රගතිශීලී නායකයකු වූ පිලිප් ගුණවර්ධනයන් ට මහජන එක්‌සත් පෙරමුණු ආණ්‌ඩුවේ සන්ධානයෙන් ඉවත් කොට බණ්‌ඩාරනායකයන් අණ්‌ඩුවේ දක්‍ෂිණාංශිකයන් ග්‍රහණයට ගැනීම සැලැස්‌ම ය. එම සැලැස්‌ම සාර්ථක වී පිලිප් ප්‍රමුඛ විප්ලවවාදී සම සමාජ පක්‍ෂය ආණ්‌ඩුවෙන් ඉවත්වීමත් බණ්‌ඩාරනායකයන්ට දක්‍ෂිණාංශිකයන්ගේ ග්‍රහණයට ලක්‌වීමට සිදු වුවද, ඒ වන විට කුඹුරු පනත සම්මත කර හමාරය. ඒ අයුරින් 1959 වන විට දක්‍ෂිණවාංශිකයන්ගේ ග්‍රහණයට ගොදුරුව හුදකලා වී සිටි බණ්‌ඩාරනායකයන් ඝාතනය කිරීමේ ක්‍රියාවලියක්‌ ඒ පසුපස පැමිණි ආකාරයක්‌ නූතන ඉතිහාසයේ කදිමට දැක්‌වේ.

ඒ අයුරින් දිවංගත බණ්‌ඩාරනායකයන් සිය ආණ්‌ඩුවේ පැවැත්මත්, ජීවිත තර්ජනයත් නොතකමින් මෙරට ගොවි ජනයා කෙරෙහි අසීමිත සෙනෙහසින් යුතුව සම්මත කර ක්‍රියාවට නැඟූ කුඹුරු පනත එම ශ්‍රී. ල. නි. පක්‍ෂයේ ම වත්මන් නායකත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන යහපාලන ආණ්‌ඩුව ම`ගින් ම අහෝසි කරමින් මෙරට ගොවි ජනයා රදළයින්ගේ හා ධනවතුන්ගේ වහලූන් ගේ තත්ත්වයට නැවතත් ඇද දැමීමට කටයුතු කිරීම ජාතියේ ඛේදවාචකයකි. එය මුදල් අමාත්‍යවරයා සිදු කරන්නක්‌ කියා ආණ්‌ඩුවේ සිටින ශ්‍රී ල. නි. ප. කණ්‌ඩායමට අතපිස දමාගැනීමට නොහැකි වන්නේ අය-වැය සම්මත කිරීම ශ්‍රී. ලං. නි. පක්‍ෂ දායකත්වයෙන් තොරව කිසිසේත් ම කළ නොහැකි බැවිනි.

මෙම අය-වැය ම`ගින් ජාතිය විපතට පත් කරන කුඹුරු පනතට අමතර යෝජනා අතර වඩාත් බිහිසුණු හා හානිකර යෝජනාව වන්නේ විනිමය පාලක පනත විනිමය පනත ලෙසින් බල රහිත කොට රටේ මූල්‍ය වෙළෙඳපොළ පරිපූර්ණ ලෙසින් ලොවට විවෘත කිරීමය. ණය මුදලින් දිවි රැක ගත් තත්ත්වයක පසුවන අපේ මාතෘභූමිය යේමනයක්‌ හෝ සිම්බාබ්වේ දේශයක්‌ බවට පත් කිරීමේ මාරක අවධානමට අත ගැස්‌වීමට මෙරටට විවෘත අර්ථ ක්‍රමය හඳුන්වා දුන් ඡේ. ආර්. ජයවර්ධනයන්ට හෝ කැමැත්තක්‌, අභිලාෂයක්‌ නොතිබුණි. එවැන්නකටත් රටේ උද්ධමනය අහස උසට නැග ජාතිය හි`ගන්නන්ගේ දේශයක්‌ බවට පත්වීම නොවැළැක්‌විය හැකි බව ඔහු ද අවබෝධ කරගෙන සිටියාට කිසිදු සැකයක්‌ නැත.

ගෝලීයකරණයේ නිර්මාතෘ හෝ හාම්පුතා වූ ඇමරිකාව ප්‍රමුඛ බටහිර එම`ගින් තම රටවලට පවා සිදු නොවූ බව නිසි ලෙස අවබෝධ කොටගෙන වත්මන් ඇමරිකානු ජනාධිපති දේශිය ආර්ථිකයට ප්‍රමුඛතාවය දෙන ආරක්‍ෂණවාදය කරා රට මෙහෙයවමින් සිටින්නේ පැරිස්‌ මිහිතල සමු`ඵවෙන් මෙන් ම කැනඩා, මෙක්‌සිකෝ හා ඇමරිකානු නිදහස්‌ වෙළ`ද ගිවිසුමෙන් පවා ඉවත් වෙමිනි. සිය රට තුළ ම ආයෝජනය කරන ලෙසට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නියෝග කළ ආකාරය පිළිබ`දවත් අවධානය යොමුකර බැලීමට මෙරට තුළ සිටින නව ලිබරල්වාදී මේනියාවෙන් මුසපත් වී සිටින්නන් නොපෙළඹීම ජාතියේ ම අවාසනාවකි. මෙය එ. ජාපයේ නිර්මාතෘ ඩී. එස්‌. සේනානායකයන්ගේ හෝ ශ්‍රී ලං. නි. පක්‍ෂයේ නිර්මාතෘ දිවංගත බණ්‌ඩාරනායකයන් හෝ අනුමත නොකළ, ප්‍රිය නොකළ සැබැවින් ම ප්‍රතික්‍ෂේප කළ අර්ථ ක්‍රමයක්‌ බව හෝ අවබෝධ කර ගැනීමට යහපාලන ආණ්‌ඩුවේ නායක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ප්‍රමුඛ පාර්ලිමේන්තුව නියෝජනය කරන සෙසු මහජන නියෝජිතයන්ගේ ජාතික වගකීම හා යුතුකම බවත් මෙහිලා ස`දහන් කිරීම වැදගත් ය.

තෙවැනි සාධකය වන එක්‌සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ පෙරමුණ හා ශ්‍රී ලං. නිදහස්‌ පක්‍ෂයේ මෛත්‍රීපාල සිරිසේන පාර්ශවය එක්‌ ව ලාංකීය දේශපාලන ඉතිහාසය විකෘති කරමින් එළ හා මී ගව බානක්‌ බැ`දි හීයක්‌ බ`දු යහපාලන ආණ්‌ඩුවක්‌ නිර්මාණය කළේ වසර දෙකක කාලයක්‌ උදෙසා බව පවසමිනි. එම වසර ඉකුත් වීමෙන් පසුව ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත ශ්‍රී ලං. නි. පක්‍ෂ කණ්‌ඩායම දෙසැම්බර් මස 08 වෙනි දින දක්‌වා එ. ජාපය හා එක්‌ව ආණ්‌ඩු කිරීමට එක`ග විණි. ඒ අනුව යහපාලන ආණ්‌ඩුවේ එක`ගතාවය මෙම 08 වෙනිදාට නිමා වීමට නියමිතය.

දිවංගත බණ්‌ඩාරනායක මැතිඳුන් සිය චින්තනය හා ප්‍රතිපත්ති මත පිහිටා මෙරට කොම්පදෝරු ධනේෂ්වරය නියෝජනය කළ එක්‌සත් ජාතික පක්‍ෂයට විශ්ලේෂණය ලෙස නිර්මාණය කළ සිරිමාවෝ මැතිණිය විසින් පුරා හතළිස්‌ පස්‌ වසරක්‌ මු`ඵල්ලේ රැකගත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය, එ. ජාපය හා ගැට ගසමින්, යහපාලනය ස`ඵපිළිවලින් සැරසුණු නව ලිබරල්වාදී දේශපාලන වෘකයාගෙන් රටටත්, ජාතියටත් මාරාන්තික අපල වෙන අරමුණු, අපේක්‍ෂා ඉටුකර ගැනීමට මං පෙත් විවර කර දීමේ පාපකර්මයට කරගසා හමාරය යන්න ප්‍රගතිශීලී ජනයාගේ පරම විශ්වාසයයි.

ජනාධිපතිවරයාට මෙන් යහපාලන ආණ්‌ඩුව ගොඩනැඟීම උදෙසා මේ රටේ යුක්‌තිය, සාධාරණය මානව හිමිකම් මෙන් ම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම හා සාරධර්ම පවා නොතකා හැරීමට සිදු වූ බව පොදුජන විශ්වාසයයි.

ආර්. කේ. ගුණතිලක
ජ්‍යෙෂ්ඨ මාධවේදී/ ලේඛක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here