පාර්ලිමේන්තුවේ නව සැසියට වේලාව තීරණය කරයි

0
6

මෙතෙක් දැනුම් දී නොතිබුණු පාර්ලිමේන්තු නව සැසිවාරය පටන් ගන්නා වේලාව ද මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබේ.

නව සැසිවාරය මැයි 08 වැනි දා පස්වරු 02.15ට ආරම්භ කරන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක පවසයි.

ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් මේ පිළිබඳව පාර්ලිමේන්තු නිලධාරීන් දැනුවත් කර ඇති බව ද වාර්තා වේ.

එංගලන්තයේ සංචාරයක යෙදී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (23) ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව මෙම වේලාව නිල වශයෙන් සඳහන් කර අලුතින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සඳහන් කළේ ය.

ජනාධිපතිවරයා පසුගිය 12 වැනි දා පාර්ලිමේන්තු සැසිය අවසන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර එහි නව සැසිය ආරම්භ කරන දිනය පමණක් සටහන් කර තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here