සරාගී නිළි දීපිකා පදුකෝන්ගේ සහ රන්වීර් සිංගේ විවාහයට දින නියම වෙයි

0
333

බොලිවුඩයේ වැඩිපුරම අය කරන නිළියන්ගේ නම් ලැයිස්තුවේ මුලින්ම තියෙන නමක් විදිහට දීපිකා පදුකෝන්ව හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම හොලිවුඩ් සිනමාවටත් ඇයගේ රංගන දායකත්වය හිමි වී තිබෙනවා.

ඉතිං මේ අතිශය ජනප්‍රිය නිළි දීපිකා පදුකෝන්ගේ විවාහය 2018 වසරේ නොවැම්බර් 19 වැනි දා ඉන්දියාවේ මුම්බායි නගරයේ දී සිදු කිරීමට නියමිත ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

පසුගියදා ‘ෆිල්ම් ෆෙයාර්’ වෙබ් අඩවිය හරහා දිපීකා මෙසේ ඇයගේ විවාහය නොවැම්බර් 19 වැනි දා පැවැත්වෙන බවට ප්‍රසිද්ධ කර තිබීමත් විශේෂත්වයක්.

දිපීකාගේ අතගනු ලබන්නේ බොලිවුඩයේ තවත් ජනප්‍රිය සිනමා නළුවෙකු වන රන්වීර් සිං ය. දිපීකා මෙන්ම රන්වීර්ද තමන් භාරගත් වැඩ මේ වනවිට ළහි ළහියේ නිමා කරන්නට කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා.

ඡායාරූප පහතින්…..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here