ඉන්දු-ලංකා තරගයට චන්දිමාල් වෙනුවට ක්‍රීඩකයෙක් කැදවයි

0
41

Image result for india-lanka nidahas trophy

නිදහස්‌ කුසලාන පන්දුවාර විස්‌සයි විස්‌ස තුන්කොන් එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ අවසන් මහා තරග අවස්‌ථාව උදාකර ගැනීමට අතිශය තීරණාත්මක සාධකයක්‌ බවට පත්ව ඇති ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය අද (12 දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ප.ව. 7.00 ට ආරම්භ වේ.

කණ්‌ඩායම් තුනම ජයග්‍රහණ එක බැගින් සහ පරාජයන් එක බැගින් ලබා තිබීම හේතුවෙන් අද තරගයේ ජය ගන්නා කණ්‌ඩායමට අවසන් මහා තරගය සඳහා වැඩි අවස්‌ථාවක්‌ උදාකර ගැනීමේ අවස්‌ථාව පවතී. කෙසේ වෙතත් අද තරගයෙන් පසුව ශ්‍රී ලංකාවට සහ බංග්ලාදේශය ඉතිරිව ඇත්තේ බංග්ලාදේශය සමග තරගය පමණි.

තරගාවලිය ආරම්භයට පෙර ඉන්දියානු නායක රෝහිත් ෂර්මා පැවසූ පරිදි විස්‌සයි විස්‌ස තරගවල ජය කොයි මොහොතේ වෙනතට පෙරළෙයිද යන්න විශ්වාස කළ නොහැකි යන කියමන ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පෙරේදා පැවැති තරගයේදී කදිමට දිස්‌විය. ෂර්මා ඇතුළු ඉන්දියානුවන් කලින්ම අවසන් තරග අවස්‌ථාව උදාකර ගැනීමට අද ජයග්‍රහණයට මාන බලද්දී ශ්‍රී ලංකාවද එම උත්සාහයේම නිරත වන බැවින් තරගය දෙපිලටම පීඩනයක්‌ ගෙන දෙන්නක්‌ වී තිබේ.

ශ්‍රී ලංකාවට පෙරේදා තරගයෙන් පසුව දිනක විවේකයක්‌ ලැබුණද එහිදී පුහුණුවීම්වලින් තොරව තරගයට පිවිසියද ඉන්දියානුවන් ඉකුත් බ්‍රහස්‌පතින්දා බංග්ලාදේශය පරාජය කිරීමෙන් පසුව දින තුනක විවේකයකින් පසුව තරගයට පිවිසීමෙන් ඔවුන්ගේ විඩාව පහව ගොස්‌ තිබේ.

මේ අතර ශ‍්‍රී ලංකා කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල්ට මන්දගාමී පන්දු යැවීම හේතුවෙන් ඉදිරි තරග 02ක අහිමිවී ඇති නිසා චන්දිමාල් වෙනුවෙන ධනංජයද සිල්වා කන්ඩායමට කැදවා ඇත.

තිසර පෙරේරා එම තරග දෙක සදහා ශ‍්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here